Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියානුවෝ ගියවර ලෝක ශුරයන් ගෙදර යවති – ඉන්දියාව තවමත් අපරාජිතව පෙරමුණෙ.

ඉන්දියාව සහ එංගලන්තය අතර ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේදී ඊයෙ (29 වැනිදා) පැවැති ‍එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග එංගලන්තයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේය.

Virat Kohli celebrates after the win in Lucknow, Men's World Cup 2023, Lucknow, October 29, 2023

එංගලන්තයට මූලික වටයේ තවත් තරගය 3 ක් ඉතිරිව ඇති අතර එම තරග 3 ම ජයගත්තද ලබාගත හැකි වන්නේ ලකුණු 8 ක් පමණි. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියව මේ වන විටත් ලකුණු 8 බැගින් ලබා සිටින බැවින් ඔවුන් තවත් එක් ජයග්‍රහණයක් පමණක් ලැබුවද, එංගලන්තයට ඔවුන් පසුකර යෑමට නොහැකි වනු ඇත.

Jasprit Bumrah gave India the momentum with his back-to-back wickets, Men's World Cup 2023, Lucknow, October 29, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button