Cricket NewsEXCLUSIVEInternational

IPL තරඟාවලියේ දස්කම් දැක්වූ සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින් ඉන්දියාව සිය විස්සයි-20 සහ ටෙස්ට් සංචිත නම් කරයි – විස්සයි-20 නායකත්වය KL Rahulට.!

දකුණු අප්‍රිකා කණ්ඩායමත් සමඟ පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සහ එංගලන්තයත් සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිත අද පස්වරුවේ නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුණා.

එහිදී ඉන්දීය නායක Rohith Sharma හට විස්සයි-20 තරඟාවලයෙන් විවේකයක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි -20 තරගාවලිය සඳහා කණ්ඩායමේ නායකත්වය KL Rahul වෙත පැවරී තිබෙනවා.

KL Rahul මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lucknow Super Giants කණ්ඩායමේ නායකත්වය දරනවා.

Rohit sharmaට අමතරව විරාට් කෝලි සහ වේග පන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah ද විස්සයි-20 තරගාවලියෙන් විවේක ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කර තිබෙනවා. එමෙන්ම Delhi Capitals හි නායකයා ලෙස කටයුතු කරන Rishab Pant විස්ස කණ්ඩායමේ උපනායක ලෙස පත්කර තිබෙන අතර මෙවර IPL තරඟාවලියේ ඉතා ඉහල දස්කම් දක්වන Dinesh Karthik, Arshdeep Sing මෙවර IPL තරඟාවලියේ මේ වන විටත් වේගවත්ම පන්දුව යවා ඇති Umran Malik වැනි තරුණ ක්‍රීඩකයන් රැසක් මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ජුනි මස 19 වනදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟය වෙනුවෙන් Rohith Sharmaගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ද නම් කර තිබෙනවා.

එයට පසුගියදා නිමා වු ශ්‍රී ලංකා සමග පැවති ටෙස්ට් තරඟට ඇතුළත් නොවු Cheteshwar Pujara ද නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා, ඒ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. මෙම ටෙස්ට් තරගය පසුගිය වසරේ එංගලන්ත තරග සංචාරය හා සම්භන්ද වී තිබෙනවා ඒ එම තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ඒ වනවිට පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කෙරුනු අතර මේ පැවැත්වීමට නියමිතව ඇත්තේ එම තරගාවලියේ අවසන් සහ පස්වන තරඟයයි.

විස්සයි-20 සංචිතය – KL Rahul (c), Ruturaj Gaikwad, Ishan Kishan, Deepak Hooda, Shreyas Iyer, Rishabh Pant (wk), Dinesh Karthik (wk), Hardik Pandya, Venkatesh Iyer, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Harshal Patel, Avesh Khan, Arshdeep Singh, Umran Malik.

ටෙස්ට් සංචිතය – Rohit Sharma (c), KL Rahul, Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Hanuma Vihari, Cheteshwar Pujara, Rishabh Pant (wk), KS Bharat (wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Shardul Thakur, Mohammad Shami, Jasprit Bumrah, Mohammed Siraj, Umesh Yadav, Prasidh Krishna.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button