Cricket NewsDomestic CricketEXCLUSIVE

රොෂේන් සිල්වා, දිමුත් කරුණාරත්න ඇතුළු විශිෂ්ටයන් සමග තරුණ ක්‍රිකට් තරු සොයා යන “National Super League”ය අවසන් පූර්ව වටයට.!

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (31 වැනිදා) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා හම්බන්තොටදී සහ මහනුවරදී පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් අර තිබෙනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කොළඹ කණ්ඩායමට එරෙහිව එහි සිවුවැනි ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම තරග වැදීමට නියමිතය.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මහනුවර කණ්ඩායමට එරෙහිව එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින ගාල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදීය.

අවසන් පූර්ව තරගවලින් ජය ලබන කණ්ඩායම් අතර අප්‍රේල් මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙණ අතර අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂ 25 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

තරගාවලියේ වීරයා සඳහා රුපියල් ලක්ෂ 5 ක්ද, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්ද මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7