Cricket NewsEXCLUSIVETHE HUNDRED

එංගලන්තයේ ‘THE HUNDRED’ ප්‍රිමියර් ලීග් තරඟාවලියට වනිදු හසරංග, භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයන් 22ක් එක් වෙයි.!

ක්‍රිකට් ලෝකයට නවතම ආකෘතියක් හඳුන්වා දෙමින් පසුගිය වසරේ එංගලන්තයේ ආරම්භ වූ ‘THE HUNDRED’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ පැවැත්වෙන තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත් (Player Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ‘THE HUNDRED’ තරගාවලියේ සංවිධායකයින් විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

එම Player Draft වටයෙන් අනතුරුව ඒ ඒ කණ්ඩායම්වල සංචිත සකස් වී ඇති ආකාරය තරගාවලියේ සංවිධායකයින් විසින් එළඹෙන 5 වැනිදා නිවේදනය කිරීමට නියමිතයි.

මෙවර ‘THE HUNDRED’ තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 285ක් ලියාපදිංචි වී තිබෙන අතර දේශීය(එංගලන්ත) ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මේ වසරේ පැවැත්වෙන ‘THE HUNDRED’ තරඟාවලියේ විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක් වනවා.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ක්‍රීඩා කරන වනිදු හසරංග පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් හි ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ ද එම ඛණ්ඩය ලියාපදිංචි වී තිබෙනවා

ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ තිසර පෙරේරා පවුම් 40,000 ක මූලික වටිනාමක් සහිත කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

මූලික වටිනාකමක් නොමැතිව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ,

ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, ලහිරු මදුෂංක,අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන් ,ඉසුරු උදාන හා කසුන් රාජිත යන ක්‍රීඩකයින්ය.

තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වන අතර Player Draft වටයේ ක්‍රීඩකයන් ඛාණ්ඩ වලට බෙදී ඇත්තේ මෙලෙසිනි.

මුලික වටිනාකම පවුම් – 125,000

Babar Azam – Pakistan
Chris Gayle – West Indies
Sunil Narine – West Indies
Kieron Pollard – West Indies
Nicholas Pooran – West Indies
Tabraiz Shamsi – South Africa
David Warner – Australia

මුලික වටිනාකම පවුම් – 100,000

Shakib Al Hasan – Bangladesh
Quinton de Kock – South Africa
Jhye Richardson – Australia
Andre Russell – West Indies

මුලික වටිනාකම පවුම් – 75,000

Mohammad Amir – Pakistan
Dwayne Bravo – West Indies
Nathan Coulter-Nile – Australia
Aaron Finch – Australia
Shadab Khan – Pakistan
Evin Lewis – West Indies
Riley Meredith – Australia
David Miller – South Africa
Haris Rauf – Pakistan
Imran Tahir – South Africa
Mujeeb Ur Rahman – Afghanistan

මුලික වටිනාකම පවුම් – 60,000

Sean Abbott – Australia
Finn Allen – New Zealand
Shimron Hetmyer – West Indies
Sandeep Lamichhane – Nepal
Aiden Markram – South Africa
Andile Phehlukwayo – South Africa
Glenn Phillips – New Zealand
Kane Richardson – Australia
Mitchell Santner – New Zealand
Odean Smith – West Indies
Will Young – New Zealand
Adam Zampa – Australia

මුලික වටිනාකම පවුම් – 50,000

Kyle Abbott – South Africa
Ashton Agar – Australia
Jason Behrendorff – Australia
Alex Carey – Australia
Martin Guptill – New Zealand
Simon Harmer – South Africa
Wanindu Hasaranga – Sri Lanka
Moises Henriques – Australia
Usman Khawaja – Australia
Marnus Labuschagne – Australia
Shoaib Malik – Pakistan
Ben McDermott – Australia
Daryl Mitchell – New Zealand
Colin Munro – New Zealand
Mohammad Nabi – Afghanistan
James Pattinson – Australia
Josh Philippe – Australia
Bhanuka Rajapaksa – Sri Lanka
Rilee Rossouw – South Africa
Sherfane Rutherford – West Indies
Daniel Sams – Australia
Naseem Shah – Pakistan
D’Arcy Short – Australia
Logan Van Beek – New Zealand
Matthew Wade – Australia

මුලික වටිනාකම පවුම් – 40,000

Qais Ahmad – Afghanistan
Nathan Ellis – Australia
Matt Henry – New Zealand
Josh Inglis – Australia
Chris Lynn – Australia
Shan Masood – Pakistan
Thisara Perera – Sri Lanka
Wahab Riaz – Pakistan
Dasun Shanaka – Sri Lanka
Romario Shepherd – West Indies
Lendl Simmons – West Indies
Dane Vilas – Lancashire
Imad Wasim – Pakistan

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button