Cricket NewsEXCLUSIVE

ADIDAS සමාගම පාපන්දු ආරය වැඩි වශයෙන් උපයෝගී කරගනිමින් ඉන්දීය කණ්ඩායමේ නව නිල ජර්සිය එලි දක්වයි !

ලොව ප්‍රධානතම ක්‍රීඩා උපාංග නිෂ්පාදයකයෙකු වන ADIDAS සමඟම ක්‍රිකට් ලොව ප්‍රභලතම ආර්ථිකය හිමි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් 2028 මාර්තු දක්වා ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත්තුවකට එලඹ ඇති බව මීට මාස කිහිපයකට ඉහතදී විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණි.ඒත් සමඟින් තවත් වසර පහක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ආකෘති සඳහා ඇඳුම් කට්ටල සැපයීම සඳහා තනි අයිතිය ඔවුන්ට හිමි වනු ඇත.

මෙහි පළමු අදියර ලෙසින් ලබන හත්වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේදී ඉන්දීය කණ්ඩායම පැළඳීමට නියමිත ජර්සිය මෙන්ම එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නිර්මාණය වීමට නියමිත ජර්සි අද එලි දැක්වීම සිදුකෙරුණි.

පාපන්දු තරඟ තුල බහුලව භාවිතා වන ආරයේ ජර්සිවලට බොහෝ සෙයින් සමාන කම්කියන අන්දමට මෙම ජර්සිය හැඩ ගැන්වී ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය කාන්තා,යොවුන් හ 19 න් පහළ කණ්ඩායම් සඳහාද මෙලෙස ඔවුන් අනුග්‍රහය දැක්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7