Cricket NewsEXCLUSIVEInternational

භාරත පුතුන් එක්දින හා විස්සයි20 තරගාවලියක් සදහා 22 දා එයි.

විස්සයි-20 සහ එක්දින තරගාවලි දෙකක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කින් සහ එක්දින අන්තර්ජාතික තරග 3 කින් සමන්විතය.

ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට හර්දික් පාණ්ඩ්‍යා පත්කෙරෙනු ඇතැයි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයා වශයෙන් පාණ්ඩ්‍යාගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියයි.

ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් සිම්බාබ්වේහිදී විස්සයි-20 තරගාවලියකට සහභාගි වෙමින් සිටින නමුත් එහිදී ඉන්දීය පිල මෙහෙයවනු ලබන්නේ ශුබ්මන් ගිල් විසිනි.

විස්සයි-20 ලෝක කුසලානය ජයගැනීමෙන් පසු හිටපු නායක රෝහිත් ෂර්මා විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. එබැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විස්සයි-20 කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයකු සොයමින් සිටී.

ලෝක ටෙස්ට් ශූරතාවලිය ඉලක්ක කරමින් රෝහිත් ෂර්මා ටෙස්ට් නායකත්වයේ සිටිනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ඉන්දිය එක්දින කණ්ඩායම සඳහාත් නව නායකයකු සොයමින් සිටින බවත් කියැවේ. එක්දින නායකත්වය සඳහා ලෝකේෂ් රාහුල් පිළිබඳ අවධානය යොමුවී තිබේ.

26 වැනිදා සිට පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අගෝස්තු මස 01 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි

තරග කාල සටහන

  • ජූලි 26 – 1 වැනි විස්සයි-20 තරගය
  • ජූලි 27 – 2 වැනි විස්සයි-20 තරගය
  • ජූලි 29 – 3 වැනි විස්සයි-20 තරගය
  • අගෝස්තු 01 – 1 වැනි එක්දින තරගය
  • අගෝස්තු 04 – 2 වැනි එක්දින තරගය
  • අගෝස්තු 07 – 3 වැනි එක්දින තරගය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button