Cricket NewsEXCLUSIVELPL

LPL 2021 තරඟාවලියේ හොඳම සොයාගැනීම් දෙක – පිත්තෙන් ජනිත් ලියනගේ සහ පන්දුවෙන් නිමේශ් විමුක්ති..

අවසන් වුණ LPL 2021 තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ Dambulla Giants කණ්ඩායමේ ජනිත් ලියනගේ විසිනුයි.

ඔහු තරඟාවලියේ තරඟ 4 ක් ක්‍රීඩා කර අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 108 ක් රැස් කිරීමට සමත්වූයේ ඉනිමක ලකුණු 36 ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි.

එමෙන්ම එම ඉනිම් 4 තුළ ඔහුගේ ප්‍රහාරක වේගය දැක්වුණේ 120 ක් ලෙසයි.

ජනිත් සැබැවින්ම තරඟාවලිය තුළ ඊට වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කළ යුතුව තිබුණත් Dambulla Giants කණ්ඩායම ඔහුව යොදාගත්තේ ඔවුන්ගේ අවසන් තරඟ 4 සඳහා පමණයි.

එමෙන්ම ඔහු තරඟාවලියේ නව සොයාගැනීමක් ලෙස සම්මානයට පාත්‍ර වන විට තවත් තරඟාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වූ LPL නව සොයාගැනීමක් සිටියා.

මෙවර තරඟාවලියේ ජනිත් ලියනගේ මෙන්ම සුපිරි දස්කම්දැක්වූ අනෙක් නැගී එන ක්‍රිඩකයා වන්නේ නිමේශ් විමුක්තියි.

නිමේශ් විමුක්ති

Mts – 6
Overs – 20
Wkts – 10
Avg – 11.40
Econ – 5.70
SR – 12.00
Best – 3/24

සමස්ත තරඟාවලියේ 10 වන වැඩිම කඩුලු ලාභියා ලෙසත්, 3 වන හොඳම පන්දු ‍යැවීමේ සාමාන්‍යයක් හිමි පන්දු යවන්නා ලෙසත්, 5 වන හොඳම කඩුලු දවාගැනීමේ වේගයක් හිමි පන්දු යවන්නා ලෙසත් තරඟාවලිය නිමා කිරීමට නිමේශ් විමුක්ති සමත්වුණා.

ඒ අනුව මෙවර LPL තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයින් දෙදෙනෙකු හඳුනාගත හැකි අතර ඒ ජනිත් ලියනගේ සහ නිමේශ් විමුක්ති ය.

නිසියාකාරව ඔවුන් දෙදෙනාව කළමනාකරණ කළහොත් නිසැකවම මේ ශ්‍රී ලංකා වර්ණ යටතේ බිහිවන සුපිරි ක්‍රිකට් අනාගතයක දිදුලන තාරකා දෙකකි.

Kavindu Weerasooriya තැබූ සටහනක් ඇසුරිනි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7