Cricket NewsEXCLUSIVEInternational
Virat Kohliගේ දැවී යාමෙන් පසු මුළු ක්‍රීඩාංගණයම නිහඬ වී ගිය මොහොත අතිශය තෘප්තිමත් අවස්ථාවක් – Pat Cummins කියයි.

ඊයේ ලෝක කුසලාන අවසන් තරගයේ වඩාත් තීරණාත්මක අවස්ථාව ලෙස Cummins විසින් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliගේ කඩුල්ල දවා ගත්තා. එම දවා ගැනීමෙන් පසු මුලු ක්‍රීඩාංගණය ම මොහොතකට නිශ්ශබ්ද වූ බවයි Cummins පවසන්නේ.
” ඔව්, සෙනඟ තුළ පැතිරුණු නිහඬ බව වටහා ගැනීමට තත්පරයක් ගත්තා.
එය ඔහුට තවත් ශතකයක් ලබා ගැනීමට තිබුණු දවස් වලින් එකක් කියලයි හැඟුණේ. ඔව් ඒ නිසා, ඒක තෘප්තිමත් දෙයක් වුනා.”
