Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව, එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කරයි

ඉන්දියාව සහ එංගලන්තය අතර විසාකාපට්නම්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (5 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292 ක් පමණි. එංගලන්ත පළමු ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා, දෙවැනි ඉනිමේදීද කඩුලු 3 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත්විය.

තෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 225 ක් එක්කර ගත්හ. එහිදී සැක් ක්‍රොව්ලි හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 73 ක් රැස්කළ නමුත් එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

ලකුණු 220 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී බෙන් ෆෝක්ස් (36) සහ ටොම් හාට්ලි (36) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. එහිදී එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අෂ්වින්ද කඩුලු 3 ක් දවාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button