Cricket NewsEXCLUSIVEInternational

ඉන්දු – පාකිස්ථාන ගැටුම අවසානයේ පාකිස්ථානය ඉන්දියානු පන්දු යවන්නන් ඉදිරියෙ දණ නමයි

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් ලකුණු 6ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

වර්ෂාවෙන් බාධා වීම නිසා තරගය ආරම්භ කිරීම මිනිත්තු 45කින් පමණ ප්‍රමාද වූ අතර, ඕවරයක් යැවීමෙන් අනතුරුව යළි පිටියට වර්ෂාව පතිත විය. කෙසේ වෙතත් ඕවර අඩු කිරීමකින් තොරව පැවැත්වීමට කටයුතු කළ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 19කදී ලකුණු 119ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය පාකිස්තානයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 113ක් පමණි.

මේ සමඟ පරාජ දෙකක් හිමිව ඇති පාකිස්තානය මූලික වටයෙන් ඉවත් වීමේ අවදානමකට ලක්ව සිටියි. කෙසේ වෙතත් ඒ සඳහා ඔවුන්ට සෙසු තරග දෙස බලා සිටීමට සිදුව තිබේ. මේ වන විට ඉන්දියාව සහ අමෙරිකාව සහභාගිවූ තරග දෙකම ජයගෙන ඇති අතර, පාකිස්තානයට කැනඩාව සහ අයර්ලන්තයට එරෙහි තරග ඉතිරිව තිබේ.

පාකිස්තාන පිළිතුරු ඉනිම ආරම්භයේ සිටම ඉන්දීය පන්දු යවන්නෝ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදුන් අතර, ලකුණු 31ක් රැස් කළ මොහොමඩ් රිස්වාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඉමාම් වසීම් ලකුණු 15ක් රැස් කළ අතර, නායක බාබර් අසාම්, උස්මාන් ඛාන් සහ ෆකාර් සමාන් ලකුණු 13 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා ලකුණු 14කට කඩුලු 3ක් බිඳ දමමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, හර්දික් පාණ්ඩ්යා කඩුලු 2ක් දවා ගත්තේය.

ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරු යුගල ලකුණු 19ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් අසාර්ථක වූ කෝලිට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 4ක් පමණි. අයර්ලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී ඔහු එක් ලකුණට දැවී ගොස් තිබිණි. නායක රෝහිත් ෂර්මා ලකුණු 13කට දැවී ගිය අතර,

අනතුරුව එක්වූ රිෂාබ් පාන්ට් සහ අක්සාර් පටෙල් ලකුණු 39ක් එක් කළහ. පටෙල් ලකුණු 20කට දැවී ගිය අතර, ඉනිමේ වැඩිම

ලකුණුලාභියා වූ පාන්ට් ලකුණු 42ක් රැස් කළේ පන්දු 31කිනි. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි වූ අතර, අවසන් කඩුලු 7 ලකුණු 30ක් තුළ බිඳ දැමීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී නසීම් ෂා සහ හාරිස් රාවුෆ් කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, මොහොමඩ් අමීර් කඩුලු 2ක් දවා ගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button