Cricket NewsEXCLUSIVEInternational

මෙවර ලෝක කුසලානයේදි ශ්‍රි ලාංකික පිතිකරුවන් ‘ඩොට් බෝල’ 131ක් ක්‍රීඩා කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු නැති ඩොට් බෝල 57ක් වාර්තා විය. පැතුම් නිශ්ශංක ඩොට් බෝල 10ක්, චරිත් අසලංක ඩොට් බෝල 9ක්, ඇන්ජලෝ මැතිව්ස් ඩොට් බෝල 8ක් හා ධනංජය ද සිල්වා ඩොට් බෝල 7ක් ලෙස පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටියහ.

ශ්‍රී ලංකා පිල සහභාගිවූ දකුණු අප්‍රිකාව සමඟ පළමු තරගයේදී ද ලකුණු නැති ‘ඩොට් බෝල’ 74ක් වාර්තා වූ හෙයින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහභාගී වූ තරග දෙකකදී පමණක් ලකුණු නැති ‘ඩොට් බෝල’ 131ක් ශ්‍රී ලංකා පිතිකරුවෝ සටහන් කළහ.

විස්සයි20 වැනි වේගවත් තරගයකදී මේ ආකාරයේ ලකුණු නැති ඩොට් බෝල වාර්තා වීමෙන් පරාජයේ දොරටු විවරවීම අනිවාර්ය ප්‍රතිඵලයකි. මේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වයිඩ් පන්දු 12ක් යොමු කිරීමෙන් බංග්ලාදේශ ඉනිම ඕවර 22ක් බවට පත් කිරීම ද අමතක නොකළ යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button