Cricket NewsEXCLUSIVEUnder-19Woman Cricket

ශ්‍රි ලංක යොවුන් කාන්තාවන් ඉන්දියාව ඉදිරියේ දණ නමයි.

මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී අද (23 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය බාලිකාවෝ ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 60 ක පහසු ජයක් අත්කර ගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය බාලිකා කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 118 ක් ලබාගත්තේය. ඕවර 20 ක් නිමාවේදී ශ්‍රී ලංකා බාලිකාවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 58 කි.

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ රශ්මිකා සෙව්වන්දි (15) පමණි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය බාලිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඕවර 4.2 කට පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලදි. එවිට ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 2 කට ලකුණු 17 ක් ලබා සිටියහ. නැවතත් තරගය ආරම්භ වූ පසුව, ඕවර 10 ක් නිමාවන විට ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 3 කට ලකුණු 48 ක් ලබා සිටියහ.

ඉන්දීය ඉනිමේ දෙවැනි භාගයේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා බාලිකාවන් කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූ නමුත් ඉන්දීය පිතිකාරිණියෝ ලකුණු 70 ක් ලබාගත්හ. අෂේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා සහ ලිමන්සා තිලකරත්න කඩුලු 2 ක් බැගින් දවාගත්තද, පන්දු 44 කින් ලකුණු 49 ක් ලබාගත් ටි්‍රෂා ගොන්ගාදි ඉන්දීය බාලිකා කණ්ඩායම වඩාත් ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා කැඳවාගෙන ගියාය.

ශ්‍රී ලංකා බාලිකාවෝ ආරම්භයේ සිටම අමාරුවේ වැටුණහ. පස්වැනි ඕවරය නිමාවීමටත් පෙරම ශ්‍රී ලංකා බාලිකා පිලේ කඩුලු 5 ක් ලකුණු 12 කට ඇද වැටී තිබිණ. ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 ට 26 ක් ලෙසිනි.

ඕවර 10 ක් ඇතුළත ලකුණු 38 කට කඩුලු 8 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා බාලිකාවෝ ලකුණු 58 කට දැවී ගියහ.

ඉන්දීය 19 න් පහළ බාලිකාවෝ – ඕවර 20 කදී කඩුලු 9 ට 118 යි
(ටී්‍රෂා ගොන්ගාදි 49, නිකී ප්‍රසාද් 11, මිථිලා විනෝද් 16, ජොෂිතා වී.ජේ. 14, ප්‍රමුදි මෙත්සරා 10/2, ලිමන්සා තිලකරත්න 14/2, අෂේනි තලගුණේ 24/2)

ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකාවෝ – ඕවර 20 කදී කඩුලු 9 ට 58 යි
(රශ්මිකා සෙව්වන්දි 15, ශබ්නම් 09/2, ජොෂිතා වී.ජේ. 17/2, පූර්ණිකා සිසෝදියා 07/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button