BPLCricket NewsEXCLUSIVE

දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමගින් Azam Khanගෙන් BPL පිටියේ ගිණිකෙලි සැණකෙළියක්.!

බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන BPL 2023 තරඟාවලිය මේ වන විට පැවැත්වෙනවා. ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අලෙවි වුවත් ඉන්දියා තරඟ සංචාරය හේතුවෙන් එය අහිමි වුවා. කෙසේ නමුත් තිසර පෙරේරා, චතුරංග ද සිල්වා, ඩිල්ෂාන් මුණවීර වැනි ක්‍රීඩකයන් මෙවර තරඟාවලියට ක්‍රීඩා කරනු ලබනවා.

මේ අතර තරඟාවලියේ 6 වන තරඟය ලෙස මේ වන විට Khulna Tigers සහ Chattogram Challengers අතර පවට්ව්හෙන තරඟයේ දී Azam Khan විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු 58ක් පුරා නොදැවී ක්‍රීඩා කල ඔහු දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ලකුණු 109ක් රැස් කළා.

පසුගිය තරඟාවලි කිහිපයේම අසාර්ථක වූ ඔහු පසුගිය LPL තරඟාවලියේ ද අසාර්ථක වුවා. කෙසේ නමුත් මෙම ශතකය සමගින් ඔහු නැවතත් සිය ප්‍රහාරාත්මක පිතිකරණයට පණ දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7