Cricket NewsEXCLUSIVEIPL

සුපිරි හයේ හතරේ සැණකෙළියක් සමගින් මහේන්ද්‍ර සින් දෝණි අවසන් පන්දුවාරයේදී Chennai Super Kings දිනවයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 33වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමි කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

එහිදී තරඟයේ ජයග්‍රහණය සඳහා Chennai Super Kings කණ්ඩායමට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර Chennai Super Kings කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සින් දෝණි අවසන් පන්දුවාරයේ දියත් කල සුපිරි පිතිකරණය ඔවුන් වෙත ජයග්‍රහණය රැගෙන අවා. එම අවසන් පන්දුවාරයේදී මහේන්ද්‍ර සින් දෝණි විසින් දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් එල්ල කරනු ලැබුවා.

එම සුපිරි අවසන් පන්දුවාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7