Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුරංග ලක්මාල්ට ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ විරාට් කෝලි සමු දුන් ආකාරය ඉන්දීය ක්‍රිකට් සමාජ මාධ්‍ය පිටුවේ පළ කරයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුනා.

එහිදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් ඊයේ (13) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඉන්දියාවට එරෙහිව, සිය අවසන් ටෙස්ට් පන්දුවාරය යොමු කරනු ලැබුවා.

මෙම තරගයේ පළමු ඉනිමේ දී එක් කඩුල්ලක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වු අතර දෙවැනි ඉනිමේ දී ඔහුට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් පන්දු යැවීම අවසන් කරනු ලැබුවේ ටෙස්ට් තරග 70කදී කඩුලු 171ක් දවා ගනිමිනි වන තර එය සටහන් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් සිව් වන ක්‍රීඩකයා බවටයි.

මේ අතර මත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසින් සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය නැවතත් පිළිබිඹු කරමින් ඉන්දීය ඉනිම අත්හිටුවීමෙන් පසුව සුරංග ලක්මාල්ට ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි හා පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සුබ පතන අයුරු ද දක්නට ලැබුණා.

එය ඉන්දීය ක්‍රිකට් නිළ පිටුවේද විශේෂ සටහනක් යොදමින් පළ කර තිබුනා.
එම වීඩියෝ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7