දිල්රුවන් අභිබවා ගිය ඇඹුල්දෙනිය මුරලිදරන් සම කරයි !

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට වසර තුනකට පමණ ඉහතදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ඇඹුල්දෙණිය රංගන හේරත්ගෙන් හිස්වූ දඟපන්දු බලඇණිය මනාව මෙහෙයවන ආකාරයක් දක්‍නට ලැබෙන්නේ ගෙවී ගිය තරඟාවලි කිහිපය තුලදී ඔහු දක්වන්නට සමත් වූ දස්කම් නිසාවෙනි.
ඉනිම් 25 ක් අවසානයේදී කඩුලු 67 ක් දවාගන්නට සමත්ව ඇති ඇඹුල්දෙණිය ඊයේ ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ඉනිම් 25 තුලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නට සමත් විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර එම දස්කම දක්වා තිබුනේ විශිෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙසින් සැලකෙන මුත්තයියා මුරලිදරන් විසිනි.ඔහුද ඉනිම් 25 කදී කඩුලු 67 ක් දවාගෙන තිබූ අතර ඇඹුල්දෙනිය එසේ සම කරනු ලැබුවේ එම වාර්ථාවය.ඔහුගේ 15 වැනි ටෙස්ට් තරඟය වූ ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ කඩුලු 3 ක් බිඳහෙළූ ඇඹුල්දෙනිය මුත්තයියා මුරලිදරන්ගේ නම අතරට තමන්ගේද නම එකතු කරන්නට සමත් විය.
එම ලැයිස්තුවෙහි තෙවැනි තැන පසුවන්නේ මීට කෙටි කලකට ඉහතදී සමුගත් දිල්රුවන් පෙරේරා වන අතර ඔහු ඉනිම් 25 ක් අවසානයේදී කඩුලු 64 ක් බිඳ දමා තිබුණි.