Cricket GossipCricket NewsEXCLUSIVE

“දසුන්, එංගලන්ත ජාතිකයකු හෝ ඔස්ට්‍රේලියානුවෙක් වුනානම් ඔහුව අලෙවි වෙන්නෙ කෝටි ගාණකට” – දසුන්ව තෝරා නොගැනීම ගැන ඉන්දීය රසිකයන් IPL කණ්ඩායම් වෙත අප්‍රසාදය පළ කරයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය නිමා වීමට තවත් ඇත්තෙ එක් තරඟයක් පමණි.

මෙම තරඟාවලිය තුල ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාසය හේතුවෙන් ඔහු වටා දැවැන්ත ඉන්දීය ක්‍රිකට් රසිකයන් ප්‍රමාණයක් එක් රොක් වන ආකාරයක් ඉන්දීය සමාජ මාධ්‍ය තුල පෙනෙන්නට තිබෙනවා.

දසුන් ශානක මත කාලීනව ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව අති සාර්ථක පිතිහරඹයක් දියත් කරන අතර එය මේ වන විට කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියට දසුන් ශානක ව එක් කර නොගැනීම පිළිබඳව ඉන්දීය රසිකයන් IPL කණ්ඩායම් වෙත සිය අප්‍රසාදය පල කරමින් සිටිනවා. දසුන් මෙවර ක්‍රීඩක වෙන්දේසියට එක් වුයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක Basic මුදලකට වුවත් කිසිදු කණ්ඩායමක් ඔහු කෙරෙහි උනන්දුවක් දැක්වුයේ නැහැ. මේ සම්භන්දයෙන් අදහස් දක්වමින් ඉන්දීය රසිකයන් සඳහන් කර සිටින්නේ, දසුන් ශ්‍රී ලාංකිකයකු නොවී ඔස්ට්‍රේලියානුවෙක් හෝ එංගලන්ත ක්‍රීඩකයෙක් වූවානම් කෝටි ගණනකට අලෙවි වනු ඇති බවයි.

ඉන්දිය රසිකයන් කිහිප දෙනෙකුගේ අදහස් පහතින්

01

02

03

04

05

06

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button