Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව හමුවේ නවසීලන්තය අද අසීරු අභියෝගයකයකට සැරසේ.

පිට පිටම එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක අනු ශූරයන් බවට පත්ව සිටින නවසීලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සඳහා මුම්බායි නුවර වන්‍කඩේ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ අසීරු අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටියි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් 4 න් තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන ඉන්දියාව, සිය මව්බිමේදී පරාජය කිරීම නවසීලන්තයට පමණක් නොව ඕනෑම කණ්ඩායමකට ඉතා අසිරු අභියෝගයකි. ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු පුරුදු තණතිලිවල තරග පැවැත්වමත්, ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබන සහයෝගයත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය.

කෙසේ වුවත් මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව සහභාගි වූ තරග දෙස බැලීමේදී ඔවුන්ට හොඳ තරගයක් ලබාදී පරාජයට පත්ව ඇති කණ්ඩායම ලෙස නවසීලන්තය නම් කළ හැකිය. ඊට හේතුව එම තරගයේදී නවසීලන්තය ලබාදුන් ලකුණු 273 ක ඉලක්කය හඹායෑමේදී ඉන්දියාව කඩුලු 6 ක් අහිමිකරගෙන තිබීය. සෙසු තරග සියල්ලේදීම ඉන්දියාව ජය ලබා ඇත්තේ කඩුලු 6 කට වැඩි ප්‍රමාණයකින් හෝ ලකුණු 100 කට වැඩි පරතරයකිනි.

එබැවින් මෙම තරගයේදීද කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. මින් පෙර මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ලෝක කුසලාන තරග 10 ක් පැවැත්වී ඇති ‍අතර ඉන් 5 කදීම ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය සමත්වී තිබීම නවසීලන්ත ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ නැංවීමට හේතුවනු ඇත. ලෝක කුසලාන තරග 4 ක ජය ඉන්දියාව සතුවී ඇති අතර සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button