Cricket NewsEXCLUSIVE

“පරාජයන්හිදී ක්‍රීඩකයින් අත්නොහරින රාජ්‍යයේ ජනතාව වෙනුවෙන්, ක්‍රීඩකයින් කලගුණ සැලකීමට එක්වෙයි” – ශ්‍රී ලංකාවේ ජන අරගලයට ක්‍රීඩකයන් දක්වන සහය ගැන ඉන්දියානු පුවත්පත් සටහන් පිට සටහන් තබයි.!

වත්මන් ආර්ථික තත්වය හා දේශපාලන ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකාව තුල තිබෙන්නේ එතරම් සතුටුදායක තත්වයක් නොවේ.

ජනතාව තමන්ගේ ජීවන අරගලය වෙනුවෙන් පවත්නා රජයට එරෙහිව පාරට බැස අවසන් ය.දේශපාලනය පසෙකලා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයට බිහිකල විශිෂ්ඨතම පුරාවෘත්ත ජනතාව වෙනුවෙන් සිට ගත් හ.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමාජ මාධ්‍ය ඔස්සේ අරහලය වෙනුවෙන් හඬ එක් කරද්දී රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මාවන් අතපත්තු පවතින ඉන්ධන හිඟය, සාගින්න, උද්ධමනය අහස උසට නැඟීම සහ විදුලිය ඇනහිටීම් නිතිපතා වන වීම නිසා රජයට එරෙහිව නැගි ජනතා විරෝධය සමඟින් සිට ගත්හ.

දැන් IPL තරඟාවලියට එක්ව සිටින ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තාමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තුල සටහන් තබමින් ලාංකේය ජනතාවගේ අරගලය සවිමත් කළේය.

“ශ්‍රී ලාංකිකයන් පසුකරමින් සිටින්නේ සිතාගත නොහැකි දුෂ්කරම කාලයකි. දවස ගත කිරීමට වෙහෙසෙන මිනිසුන්ගේ සහ පවුල්වල බලාපොරොත්තු සුන්වීම දැකීම හද කම්පා කරවන සුළුය. ඔවුන් සඳහා සෑම දිනකම දුෂ්කර වේ. ජනතාව හඬ නඟමින් අවශ්‍ය දේ ඉල්ලා සිටිති.” වත්මන් රාජස්ථාන් රෝයල්ස් අධ්‍යක්ෂක වරයා තම නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමෙහි ලියා තිබේ.

“ජනතාව සතුරන් නොවේ. ශ්‍රී ලංකාව යනු ජනතාවයි. කාලය වේගයෙන් ගෙවී යයි, ජනතාව සහ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර සැපයිය යුතුය ”

සමාජ මාධ්‍ය අවහිර කිරීම්, ඇඳිරි නීතිය සහ අහඹු ලෙස රඳවා තබා ගැනීමේ වාර්තා මධ්‍යයේ, මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ජයවර්ධන මහජන විරෝධයට ඉඩ දීමේ අවශ්‍යතාවය ගැන අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ හදිසි නීතිය සහ ඇඳිරි නීතිය දැකීම ගැන මට කණගාටුයි. උද්ඝෝෂණ කිරීමට සෑම අයිතියක්ම ඇති ජනතාවගේ අවශ්‍යතා නොසලකා හැරීමට රජයට නොහැකිය. එසේ කරන පුද්ගලයින් රඳවා තබා ගැනීම පිළිගත නොහැකි අතර ඔවුන්ගේ ආරක්ෂාවට දිව ගිය නිර්භීත ශ්‍රී ලාංකික නීතිඥයින් ගැන මම ඉතා ආඩම්බර වෙමි, ”ජයවර්ධන ට්විටර් පණිවුඩයක් ආධාරයෙන් අදහස් දැක්වීය.

හිටපු ක්‍රීඩක සහ ICC තීරක රොශාන් මහානාමද තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ “අපේ රටේ බල ලෝභී නායකයින්ට එරෙහිව සටන් කිරීමේ මාවතක ගමන් කරන අපේ මාතෘභූමියේ අහිංසක මිනිසුන්ට මගේ සහයෝගය දැක්වීම මගේ යුතුකමක් ලෙස සලකන බැවින් මම අද මගේ අසල්වැසි විරෝධතාවයකට සම්බන්ධ වීමි,”

පුරාවෘත්තයන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් පවා මේ පිළිබඳව කතා කර ඇත. පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ, “මම සැතපුම් ගණනාවක් දුරින් සිටියත්, මගේ සෙසු ශ්‍රී ලාංකිකයන් සෑම දිනකම එය ජය ගැනීමට වෙහෙසෙද්දී ඔවුන්ගේ වේදනාව මට දැනේ” යැයි ඉන්ස්ටග්‍රෑම් හි ලියා ඇත. “දැන් ඔවුන් ඔවුන්ගේ හඩ යටපත් කිරීමේ උත්සාහයක් ලෙස ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කර ඇත. නමුත් මිලියන 22 කට හඬක් එක ලෙස නැඟෙන විට එය නොසලකා හැරිය නොහැකිය.”

එමෙන්ම මේ වන විට විස්සයි විස්ස පිටියේ දඟ පන්දුවේ උන්මාදය බවට පත්ව සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජන අරගලයට සහය පල කර ඇත්තේ “අරගලයේ යෙදන මගේ සහෝදර ජනතාවට, මගේ උපරිම ගෞරවය පුද කරමී. නූතන කාළයේ සැබෑ වීරයෝ “ලෙස සටහනක් ද එක් කරමිනි.

මිට අමතරව ජේශ්ට සහ තරුණ ක්‍රීඩකයන් රැසක් මෙලෙස ශ්‍රී ලංකා ජන අරගලය සමග එකට සිට ගැනීමට කටයතු කර තිබුනා.

ඉන්දියානු පුවත් පත් විසින් ලාංකේය ක්‍රීඩා පුරාවෘත්තයන් ජනතාව සමඟින් මෙලෙස එකට සිට ගැනීම විග්‍රහ කර තිබෙන්නේ “පරාජයන්හිදී ක්‍රීඩකයින් අත්නොහරින රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ක්‍රීඩකයින් කල ගුණ සැලකීමට එක්වෙයි” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7