Cricket NewsEXCLUSIVEUnder-19

බංගලාදේශ යොවුන් කණ්ඩායම දණ ගැස්වූ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට එරෙහිව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස ඉන්දියාව සහ බංගලදේශ යොවුන් කණ්ඩායම් අතර පැවති තරඟය ලකුණු 103ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර යොවුන් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට යොවුන් ඉන්දියා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්වුනා.

යොවුන් ආසියානු කුසලාන අවසන් මහා තරඟය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11ට ආරම්භ වීමට නියමිත අතර Star Sports 1 නාළිකාව හරහා තරඟය සජීවීව විකාශය කිරීමටද නියමිතය.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය යොවුන් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 243 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Shaik Rasheed ලකුණු 90 ක් රැස් කළ අතර Vicky Ostwal ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Rakibul Hassan කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනූව යොවුන් ආසියානු කුසලානයේ අවසන මහා තරඟයට පිවිසීම සඳහා ලකුණු 244 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38කුත් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 140ක් පමණයි.

බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ariful Islam ලකුණු 41 ක් රැස්කළා, Mahfijul Islam ලකුණු 26 යි.

පන්දු යැවීමේදි Rajvardhan, Ravi Kumar, Raj Bawa සහ Vicky කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දියා යොවුන් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරඟයේ සජීව විකාශය Star Sports තුළිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7