Cricket NewsEXCLUSIVEIPL

සන්රයිසස් සහ ඩේවිඩ් වෝනර් අතර අභ්‍යන්තර අර්බුධයක් – වෝනර්, SRH සමාජ මාධ්‍ය ගිණුම් වලිනුත් ඉවත් වෙයි.!

ඩේවිඩ් වෝනර් හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පෙර තිබුණු සුහදතාව දැන් නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

2021 IPL තරග වාරය මැද දී Sunrisers Hyderabad විසින් ඩේවිඩ් වෝනර් නායකත්වයෙන්ද ඉවත් කළ අතර පසුව ඔහුව තරඟාවලිය අතර මැදම කණ්ඩායමෙනුත් නෙරපා දැමුණා.

මේ අතර එළඹෙන ජනවාරි මාසයේ දී IPL තරගාවලියේ දැවැන්තම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර ඩේවිඩ් වෝනර්ගේ IPL අනාගතය පිළිබඳව තවමත් නිසි තීරණයක් නොමැත.

Sunrisers Hyderabad කණ්ඩායම හා ඩේවිඩ් වෝනර් අතර සීතල යුද්ධයක් පවතින බව පෙන්නුම් කරමින් Warner, SRH කණ්ඩායමේ අධ්‍යක්ෂක Tom Moody හට ට්විටර් හරහා “සමච්චලයට ද” ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාව නැවත වතාවක් අළුබඳුන ජය ගැනීම ගැන අදහස් දක්වමින් Tom Moody Twitter පණිවිඩයක් නිකුත් කර තිබු අතර එහි දැක්වුණේ,

“ඕස්ට්‍රේලියාව සම්පූර්ණයෙන්ම එංගලන්තය විනාශ කළා. එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ සියලුම හිඩැස් වසා දැමුවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් විසිනුයි.” යනුවෙනුයි.

මෙයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් රසිකයෙකු Moodyගෙන් මෙසේ අසා තිබුණා.

“SRH කණ්ඩායමට ක්‍රීඩක වෙන්දේසිය හොඳ වෙයි ද?”, ඩේවිඩ් වෝනර් මේ පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් “මම සැක කරනවා” යනුවෙන් පවසා තිබුණා.

ඊට සුළු මොහොතකට පසුව SRH කණ්ඩායම Twitter පණිවිඩයක් ඔස්සේ ඩේවිඩ් වෝනර් සුබ පතා තිබුණා. “අළුබඳුන ජයග්‍රහණයට සුබ පැතුම්. ඔබ නැවත හොඳ රිද්මයට පැමිණ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අපි ක්‍රීඩක වෙන්දේසියේ දී ඔබට හොඳ තැනක් ප්‍රාර්ථනා කරනවා.”

ඩේවිඩ් වෝනර් 2014 වසරෙන් පසුව ලකුණු 500කට වඩා අඩුවෙන් රැස් කළ එකම IPL තරගාවලියේ වුනේ 2021 තරගාවලියයි. කෙසේ වෙතත් එයට නියම පිළිතුරක් සිය පිත්තෙන් දුන් ඔහු ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ සාමාන්‍ය 48.16ක් සමඟ ලකුණු 289ක් රැස් කර ගනිමිනුයි.

මේ අතර මෙම සිතල යුද්ධය පිලිබඳ තවත් ඉඟියක් දෙමින් ඩේවිඩ් වෝනර් විසින් Sunrisers Hyderabad හි නිළ ඉන්ස්ටග්රම් ගිණුම Unfollow කිරීමටද අද කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button