Cricket NewsEXCLUSIVEUnder-19

ප්‍රභල පකිස්තානය ලකුණු 125කට සීමා කළ ශ්‍රී ලංකාව, මෙවර යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පකිස්ථාන යොවුන් කණ්ඩායම් අතර පැවති තරඟය ලකුණු 22ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටි⁣ය තුළ ස්ථාවර වීමට පකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලකුණු රැස් කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 147ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූ යසිරු රොද්‍රිගෝ ලකුණු 31ක් සහ මතීෂ පතිරණ ලකුණු 31ක් බැගින් රැස් කළා.

අංජන බණ්ඩාර ලකුණු 23ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Zeeshan Zameer කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Ahmed khan සහ Awais Ali කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 148ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට එම ඉලක්කය පහසුවෙන් හඹා යාමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ට්‍රවීන් මැතිව් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟයේ පාලනය ක්‍රම ක්‍රමයෙන් සියතට ගත් අතර ඒ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණයි.

පකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ Ahamed Khan ලකුණු 36ක් හා Muhammad Shehzad ලකුණු 30ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වු අතර නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 22 ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගත් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට සමත් වූ අතර විශේෂත්වය වන්නේ මෙවර යොවුන් ආසියානු කුසලාන තරඟාවලිය තුළ අපරාජිත බව රැකගනිමින්ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීමයි.

මේ වන විට ඉන්දීය යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශය යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රහයකයින් සමඟ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11 ට යොවුන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට තරග කරනු ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7