ඉන්දියාවේ සුප්‍රකට CricTracker වෙබ් අඩවිය නම් කළ, මෙවර ආසියානු කුසලානයේ හොඳම පන්දු රකින්නන් සහිත කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන ශ්‍රී ලංකාවට.!

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන CricTracker වෙබ් අඩවිය විසින් හෙටින් ඇරඹෙන ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ එක් එක් කණ්ඩායම් හී පන්දු රැකිමේ දක්ෂතාවය අනුව කණ්ඩායම් ශ්‍රේණිගත කර තිබෙනවා.
ඒ අනුව Crictracker වෙබ් අඩවිට අනුව මෙවර ආසියානු කුසලාන තරඟාවලියට පිවිසෙන කණ්ඩායම් අතුරින් හොඳම පන්දු රකින කණ්ඩායම් අතර දෙවන ස්ථානය Ratings 10න් 8.5 ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
එසේම සුපුරුදු පරිදි එහි ප්‍රථම ස්ථානය ඉන්දියාවට හිමි වී තිබෙන අතර ඒ 9.5ක Ratings සමගිනුයි.
පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරගවලදී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පන්දු රැකීමේ දක්ෂතාවය ඉතා ඉහළ මට්ටමක තිබූ අතර ඉතා අපහසු උඩපන්දු කීපයක්ද රැක ගන්නා ආකාරය අපට දක්නට ලැබුණා. ඒ අනුව පසුගිය ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දැක්වූ දක්ෂතා මත පදනම්ව CricTracker සිදුකළ ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.
එමෙන්ම මෙහි තෙවන ස්ථානයේ පසු වන්නේ පකිස්තානයයි. ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්
එම දත්තයන් පහතින්