EXCLUSIVEIPLPremier League

ප්‍රේක්ෂකයින් හට නවතම අත්දැකීමක් එක් කිරීමේ අරමුණින් නව මුහුණුවරකින් එලිබසින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය.

4th IPL Trophy in our Cabinet | Mumbai Indians - YouTube

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලිය සඳහා තවත් කණ්ඩායම් 2 ක් එක් කරන්නට කටයුතු කර තිබුණේ මීට් මාස කිහිපයකට ඉහතදීය. ඒ හේතුවෙන් මෙවර තරඟාවලිය අන් තරඟාවලීන්ට සාපේක්ෂව විශාල වෙනස්කම් රැසකින් යුක්ත වනු ඇති බව සඳහන්.

මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 10 ක් එක් වීම හේතුවෙන් බොහෝ විට 2011 වසරේ දී තරග පැවැත් වූ ක්‍රමවේදය මේ වසරේදීද එම ක්‍රමය කරා යෑමට වැඩි අවකාශයක් පවතී.

මෙම ක්‍රමය අනුගමනය කරමින් තරඟාවලිය පවත්වන්නේ නම් කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් 4 සමග අවස්ථා දෙක බැගින් තරග කිරීමින් සමස්ත තරඟ 8 ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

Smartness and decision making' - Former India batting coach explains why Rohit Sharma is best captain in IPL | Cricket - Hindustan Times

එමෙන්ම සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කාණ්ඩයෙන් තරඟ වදින සෙසු කණ්ඩායම් 4 කට එරෙහිව එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉතිරි වන අනෙක් කණ්ඩායම සමගින් අවස්ථා දෙකකදී ක්‍රීඩා කිරීමට සිදුවනු ඇතී.ඒ අනුව ලීග් වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන සමස්ත තරග සංඛ්‍යාව 14ක් බවට ගණන් බලා තිබේ.

කෙසේ නමුත් ප්‍රසාද ලකුණු සටහන එක් සටහනක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිත අතර ඛාණ්ඩ දෙකක් තිබෙන මුත් එක් ප්‍රසාද ලකුණු සටහනක් ක්‍රියාත්මක වීම විශාල විමතියක් නරඹන්නන් තුල උත්සන්න කරන බව නම් නොරහසකි.

මේ දක්වා ඉන්දීය ප්‍රිමියර්ලීගයේ කාල සටහන තවමත් ප්‍රකාශ කර නොමැති නමුත් තරඟාවලිය මාර්තු මස 26 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.ඒ ඉකුත් 24(ඊයේ) දිනයේදී Ipl සංවිධාය මණ්ඩලයේ විශේෂ හමුවකින් අනතුරුවය.

IPL 2021 Live Cricket Score, News, Stats, Schedules, Results, Highlights, Photos, Videos – NDTV Sports

මාස දෙකක් පුරාවට පැවැත්වීමට නියමිත තරඟාවලියේ අවසන් මහා තරගය මැයි 29 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩාංගණ සංඛ්‍යාව සීමිත කර ඇති අතර මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දී පමණක් පැවැත් වේ.

ඒ අනුව මුම්බායි නුවර Wankhede හිදි තරඟ 20ක් Brabourne හිදී තරඟ 15 ක් හා DY Patil ක්‍රීඩාගණයේදී තරඟ 15 ක් පැවැත්වීමට නිමිතය.තරඟාවලියේ අවසන් වටයේ තරඟ හතර ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩාංගණයන් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.

The party begins for the Mumbai Indians | Photo | Indian Premier League | ESPNcricinfo.com

ප්‍රේක්ෂක සහභාගීත්වය පිළිබඳව අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශ කිරීමට නියමිත අතර එය මහාරාෂ්ඨ ප්‍රාන්ත රජයේ තීරණය මත තීරණය වීමට නියමිත බවයි ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button