Cricket NewsEXCLUSIVE

තීරණාත්මක අවසන් තරඟ දෙක ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට වැටෙයි

ඔස්ට්‍රේලියාවේදී තරඟ 4 ක පරාජයකින් අනතුරුව අවසන් තරඟය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව වෙත පැමිණියේ ජයග්‍රාහී මානසිකත්වයක් යම්තාක් දුරට ගොඩනංවාගෙනය.

තරඟාවලියක් පුරාවට සොයමින් සිට අවසානයේදී අපේක්ෂා දල්වා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය පිළිබඳ බලාපොරොත්තු පළමු තරඟයට පෙරාතුවම බොඳව ගියේ දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසාය.

ඔහුගේ සහභාගීත්වය දෙවන තරඟයද සඳහාද අවිනිශ්චිත වන අතර තරඟාවලියේ සෙසු තරඟ ඉදිරියේද ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි.කමිල් මිශාර හෝ ධනුශ්ක ගුණතිලක විකල්ප ලෙස ඕනෑම මොහොතක භාවිතයට ගත හැකි අතර ඔවුන් ලකුණු අතර නොසිටීම තුල කවුරුන් නිස්සංකට අනෙක් අන්තයෙන් සහය වේවිද යන්න අවිනිශ්චිත ය.

වතමන් ලෝක ශූරයන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බල ඇණිය වඩාත් සවිවර වූයේ නිත්‍ය ඉදිරිපෙල පිට දඟපන්දු යවන්නා වූ මහීෂ් තීක්ෂණ නිසාය.ඔහු අබාධයකට ලක්වීම නිසාවෙන් සමස්ත තරඟාවලියෙන්ම ඔහුට ඉවත් වන්නට සිදුවිය.

නිසැක වශයෙන්ම ඔහුට ආදේශනය කල හැකි වූ රමේශ් මෙන්ඩිස් ද ආබාධයකට නතු වීම තුල ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ තැබුවේ උභතෝකෝටික ප්‍රශ්නයකි.

කෙසේ නමුත් ඉන්දීය පිතිකරණ ලැයිස්තුවෙහි මුල් ස්ථාන කිහිපය අතුරින් වැඩි පිරිසක් දකුණත් පිතිකරුවන් වීම හේතුවෙන් හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ඒ සඳහා කදිම ආදේශනයක් බවට ඉකුත් තරඟයේදී ඔහු පෙන්නුම් කර තිබුණි.

වනිඳු හසරංග නොමැතිව ඉන්දියාවට එරෙහිව පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කිරීමට සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පීඩනයක් වූයේ අවසන් කාලය පුරාවට ශ්‍රී ලංකා පන්දු බලඇණියේ මූලිකයා වූයේ වනිඳු හසරංග වීම නිසාවෙනි.

කෙසේ නමුත් එම හිඩැස පිතිකරණයට පන්දු යැවීමටද ඉකුත් තරඟයේදී දැඩි ලෙස දැනෙන්නට විය.කෙසේ නමුත් ජෙෆ්‍රි වැන්ඩර්සේ හට පන්දු යැවීමේදී වනිඳුගේ හිඩැස පිරිවීමට කෙතරම් දුරට හැකියාව ලැබේවිද යන්න ප්‍රශ්නයකි.

හෙට හා අනිද්දා ආරම්භ පැවැත් වීමට නියමිත සෙසු තරඟ ද්විත්වයට නිරෝෂන් දික්වැල්ල හා ධනංජයද සිල්වා හට එක්වීමට හැකියාවක් තිබේද යන්න පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් සඳහන් කර නොමැති අතර, ඉන්දීය අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා හට ඒ සඳහා අවකාශය හිමි නොවන බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button