Cricket NewsEXCLUSIVET10 League

‘Baby Malinga’ ලෙසින් රසිකයන් හඳුන්වන මතිෂ පතිරණව ක්‍රීඩක වෙන්දේසියට පෙරම රඳවා ගැනීමට T10 තරඟාවලියේ Bangla Tigers කටයුතු කරයි.!

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය ලෙසින් හැඳින්වෙන T10 තරඟ ආකෘතියේ ප්‍රධානතම ලීගයක් ලෙසිනුයි අබුඩාබි T10 තරඟාවලිය හැඳින්වෙන්නේ. සයවන සංස්කරණය ලෙසින් මේ වසරේ පැවැත්වෙන තරඟාවලිය සඳහා එක්වන බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ සෘජු ගිවිසුම් ගතකරගැනීම් හා ක්‍රීඩක රඳවා ගැනීම් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ හා නිල වෙබ් අඩවිය තුලින් ඒ බව ප්‍රකාශ කර තිබුණි.

මෙවර තරඟාවලිය සඳහා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණ තම සංචිතය තුල රඳවා ගැනීමට තීරණය කර තිබේ. එසේ රඳවා ගන්නා සෙසු ක්‍රීඩකයා වන්නේ පකිස්තානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ආමීර් ය.

ජාත්‍යන්තර වරම් දිනාගැනීමට පෙර මතීශ අබුඩාබි T10 තරඟාවලියට එක්ව සිටියේය. ඉන් අනතුරුව ඔහුගේ නැවතුම වූයේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියයි.

මතීශ පිළිබඳ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තැබූ සටහන ,

“T10, IPL සිට ජාතික කණ්ඩායම දක්වා, දම් පැහැති ජර්සියක් හදවතේ තබාගෙන අබුඩාබි වීදිවල සිට සිහිනය ජීවත් වීමට පටන් ගත් තරුණයෙකි. 💜”

“මහනුවර සිට පැමිණි අපේම කුඩා ස්ලිංගා නැවත පැමිණ ඇත. ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අබුඩාබි T10 ලීගයේ 6 වන වාරය සඳහා රඳවා ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සතුටට පත් වේ. ”

මතිෂ පිලිබඳ තැබූ සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7