Cricket NewsEXCLUSIVE

“මේ ඕස්ට්‍රේලියාවද? ශ්‍රී ලංකාවද? විශ්වාස කරන්නත් බෑ, මැච් එක බලන්න ආව ප්‍රේක්ෂකයන්ගෙන් 90%ක් ශ්‍රී ලංකා රසිකයෝ” – අපුරු ට්විටර් සටහන.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ජාත්‍යන්තර අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවටම දැක්වූ දක්ෂතා ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්වෙනු දැකගන්නට ලැබුණා.

මේ අතර අද මෙල්බර්න් හි පැවති තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ඉතා විශාල සහබගිත්වයක් දක්නට ලැබුනා.

එහිදී MCG හි 17,556ක ශ්‍රී ලංකා රසිකයන් පිරිසක් පැමිණ තිබෙන අතර බැලූ බැල්මටතරඟය නැරඹීමට පැමිණි පිරිසෙන් 90%ක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බව දිස් වෙන බව විදෙස් ක්‍රිකට් රසිකයන් පවා අදහස් දක්වා තිබුනා.

ඒ පිලිබඳ ට්විටර් හි ක්‍රිකට් රසිකයකු තැබූ සටහන පහතින්,

අද තරඟය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button