Cricket NewsEXCLUSIVEInternational

තෙවැනි තරඟයෙනුත් පිට පිටම කොදෙව්වන් පරාජය කළ ඉන්දියාව 3-0ක් ලෙස කොදෙව්වන්ට ඉතිහාසගත පරාජයක් උරුම කරයි.!

සංචාරක කොදෙව් කණ්ඩායම් සමඟ පැවැති තරග තුනකින් සමන්විත විස්සයි-විස්ස තරගාවලියේ අද කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි තරගය ද අඛණ්ඩව ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස විශිෂ්ට අයුරින් ජය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායක කිරන් පොලාඩ් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 184 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ ගොඩනැගීම්ට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් අවසන් පන්දුවාර කිහිපයේ සුපිරි පිතිකරණයක නිර්ත වූ සුර්ය කුමාර් යාදව් පන්දු 31ක් තුනෙන් අධි අධිවේගී ලකුණු 65ක් රැස් කරනු ලැබුවා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 7ක් සමග එක් හතරේ පහරක් ඇතුළත් වුණා .

ඊට අනගි සහයක් ලබා දුන් නවක පිතිකරු වෙන්කටෙෂ් අයියර් පන්දු 19ක් තුළින් අධිවේගී ලකුණු 35 ක් රැස් කිරීමට සමත් වුණා.

ඉෂන් කිෂාන් පන්දු 31ක් තුළ ලකුණු තිස් 34ක් රැස් කළා, පන්දු යැවීමේදී Jason Holder, Romario Shepherd, Roston Chase, Hayden Walsh Jr. සහ Dominic Drakesවිසින් එක් කඩුල්ල බැගින් මේ දේ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 185ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා ගියා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

කොදෙව්වන් වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ නිකලස් පුරන් පන්දු 47ක් තුළ වේගවත් ලකුණු 61 ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සමග හතරේ පහරවල් 8ක් ඇතුළත්

Romario Shepherd ලකුණු 29 ක් රැස් කළා, කෙසේ නමුත් එම දක්ෂතාවන් ජයග්‍රහණය කරා කෝදෙව්වන් රැගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ හේතුවෙන් ලකුණු 17ක ජයග්‍රහණයක් තෙවැනි තරඟයෙනුත් ඉන්දියාවට හිමි වුනා. ඒ අනුව කොදෙව්වන් සමග පවතී විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරඟාවලියේ වීරයා සහ තරඟයේ වීරයා යන සම්මාන ද්විත්වයම සුර්යකුමාර් යාදව් හට හිමි වුනා.

ඉන්දීය කණ්ඩායම මීළඟට සහබාගි වන තරඟාවලිය ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button