Cricket NewsEXCLUSIVE

“ජයග්‍රහනයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළා, නිසැක වශයෙන්ම ඔවුන් ලෝක කුසලානයට සුදානම් වනවා” – ප්‍රවීණ චිචාරක ඉයන් බිෂොප්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ජාත්‍යන්තර අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවටම දැක්වූ දක්ෂතා ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්වෙනු දැකගන්නට ලැබුණා.

මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ⁣ඉතා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වු අතර ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මනා ලෙස පාලනය කරගැනීමට ඔවුන් සමත් වුනා.එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතා ධනාත්මක කරුණක් බව ද සදහන් කළ හැකියි.

තවත් මාස 8කින් පමණ ආරම්භ වන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය තුළින් ලද අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම් වෙනුවෙන් ඉතාමත් වැදගත් වනු ඇති බවනම් නොරහසක්

ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය ක්‍රීඩා කල ආකාරයත්, අවසන් තරගයේදී ලබා ගත් ජයග්‍රහණයත් සම්බන්ධව විශේෂ ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන කොදෙව් ජාතික ඉයන් බිෂොප් අදහස් දක්වා තිබුණා.

ඔහු පැවසුවේ දිරිගන්වන සුළු ජයග්‍රහනයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළ බවත් ඉදිරි විස්සයි-20 ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව ලබාගන්නට ඇති බව ද ඉයන් බිෂොප් පෙන්වා දුන්නා.

ඉයන් බිෂොප් මහතා තැබූ එම විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button