Cricket NewsEXCLUSIVE

ලහිරු කුමාර යැවූ අධි වේගී පන්දුව හිසේ වැදුණු ඉෂාන් කිෂන් රෝහල් ගත කෙරේ – අද තරඟයත් අහිමි වෙයි.!

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය ඊයේ ඉන්දියාවේ Dharamshala ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර එම තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක දැවැන්ත ලකුණු පූවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

මේ අතර, ඉන්දීය ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් ඊයේ තරගයේ දී ලහිරු කුමාර විසින් යොමු කරන ලද පන්දුවක් හිසේ වැදීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඔහුගේ හිසෙහි CT ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කර ඇති බවත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර සිටින අතර ඒ අනුව අද(27) පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි-20තරගය සදහා ඉෂාන් කිෂන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස සංජු සැම්සන් කටයුතු කිරීමට ඉඩ තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

එසේ වුවහොත් මයාන්ක් අගාර්වල් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට එක්වනු ඇත.

ලහිරු කුමාර යැවූ අධි වේගී පන්දුව ඉෂාන් කිෂන්ගේ හිසේ වැදුණු ආකාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7