Cricket NewsEXCLUSIVE

ඉන්දීය විස්තර විචාරකයන් පවා මොහොතකට නිහඬ කළ බිනුරගේ විශිෂ්ට උඩ පන්දු රැකගැනීම.!

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය ඊයේ ඉන්දියාවේ Dharamshala ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර එම තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක දැවැන්ත ලකුණු පූවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එ අනුව ලකුණු 184 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

මේ අතර ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් පන්දු 24ක් තුල ලකුණු 39ක් ලබා සිටි Sanju Samsonව දවා ගැනීම සඳහා බිනුර රැකගත් සුපිරි උද පන්දුව කාගේත් කතා බහට ලක්වී තිබුනා.

ලහිරු කුමාර විසින් යොමු කරන ලද ඉන්දීය ඉනිමේ 12 වන පන්දුවාරයේ 5 වන පන්දුවීදි මෙම විශිෂ්ට උඩපන්දුව රැකගැනීමට බිනුර සමත් වුනා.

විශේෂත්වය වන්නේ එම උඩපන්දුව රැකගැනීමට පෙර පන්දු තුනේහෙදීම පිට පිටම හයේ පහර 3ක් එල්ල කිරීමට Sanju Samson සමත්ව සිටීමයි.

බිනුරගේ එම විශිෂ්ට උඩ පන්දු රැකගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7