Cricket NewsEXCLUSIVEPSL

Azam Khaගේ සුපිරි ගිණිකෙලි සැණකෙළිය හේතුවෙන් Quetta Gladiators පරාජය කරමින් Islamabad United විශිෂ්ට ජයක් වාර්තා කරයි.!

පාකිස්තානයේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය PSL තරඟාවලිය මේ වන විට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.

මේ අතර තරඟාවලියේ 1 වන තරඟය ලෙස Quetta Gladiators කණ්ඩායම සහ Islamabad United කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 63ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Islamabad United කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Islamabad United ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Islamabad United කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 220ක් රැස් කිරීමට සමත් වුණා.

Islamabad United වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Azam Khan පන්දු 42කදී ලකුණු 97ක් වාර්තා කිරීමට සමත් වුයේ දවන්ත් හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් එල්ල කරමිනි.

Asif Ali ලකුණු 42ක් රැස් කළ අතර Colin Munro ලකුණු 38ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Odean Smith සහ Muhammad Hasnain කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 221ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Quetta Gladiators පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 157ක් පමණයි

Quetta Gladiators ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mohammad Hafeez පන්දු 26ක් තුල වෙගවත් ලකුණු 48ක් රැස් කල අතර Sarfaraz Ahmed ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේදී Fazalhaq Farooqi සහ Hasan Ali කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button