Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදා මෙදා තුර ඉතිහාසයේ වාර්තා කළ ඉහළම වාර්ෂික ලාභය වාර්තා කරයි – රුපියල් බිලියන 6.3 ක වාර්තාගත අදායමක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල ශුද්ද ලාභයට වඩා තුන් ගුණයක වැඩි වීමක් ලෙසින් සටහන් වේ.

ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සාමාජික ගෙවීම් ගාස්තු යන ආදායම් වලින් ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය මෙම ශුද්ධ ලාභය උපයාගැනීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට්

අදාළ වර්ෂය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙරටදී මෙන්ම විදෙස් රටවලදී සහභාගිවන ජාත්‍යන්තර තරගාවලි, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ, සහ කනිෂ්ට කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම් වල සංචාර වියදම් සඳහා රුපියල් බිලියන 4.2 ක මුදලක් ආයෝජනය කළේය.

දේශීය ක්‍රිකට්

නිමාවට පත් වුණු 2022 වසරේදී දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම ඇතුළු දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යෑමට, දේශීය ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ මුදල් ගෙවීම් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලෙකන පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා සදහා රුපියල් බිලියන 2.27 ක මුදලක් යොදවන ලදී.

සංවර්ධනය

දිස්ත්‍රික් සහ පළාත් සංගම් යටතේ කලමනාකරණය ‌කරනු ලබන ක්‍රීඩාංගණවල පරිපාලන සහ නඩත්තු කටයුතු සහ දිස්ත්‍රික්තු සහ පළාත් සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල පරිපාලන කටයුතු සඳහා රුපියල් මිලියන 599 ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී පියවර ගත්තේය.

සමාජ සත්කාරක ප්‍රධාන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාජයේ වගකීම පිළිබඳව අවධානය යොමු කරමින් සමාජ සත්කාරක කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දීමට ගෙවී ගිය වසරේදී පියවර ගෙන තිබේ. එහිදී මහරගම අපේකෂා රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබා දෙන ලද ප්‍රධානයද ඇතුළත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 900 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. ඊට අමතරව රුපියල් මිලියන 278 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දෙද්දී මහනුවර ගංගාරාම රජමහා විහාරයේ ප්‍රතික්සංස්කරණ කටයුතු සිදුකිරීම සදහා රුපියල් මිලියන 25 ක මුදලක්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්බා ආයතනය විසින් ලබා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button