Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ සුභවාදී බලාපොරොත්තු සමඟින් ජොෆ්‍රා ආචර් ගේ ආබාධය යහපත් අතට !

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් නිමාව දුටු අයිපීඑල් තරඟාවලියෙන් ඉවත්වෙමින් තම ආබාධයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බෙල්ජියම වෙත යොමු වුණේ මීට මාස කිහිපයකට ඉහතදීය.

2019 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ ප්‍රභල කොටස් කරුවෙකු වූ ආචර් මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සහභාගී වනු ඇති බවත් ඔහුගේ තත්වය වඩාත් යහපත් වෙමින් පවතින බවත් සඳහන්.

ලෝක කුසලානය ආරම්භ වීමට තවත් දෙමසක කාලයක් පමණ ඉතිරිව තිබෙන අතර එම කාලය වන විට ලෝක කුසලාන තරඟාවලිය සඳහා ආචර් සම්පූර්ණ යෝග්‍යතාවයකින් පසුවනු ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button