EXCLUSIVETrending Article

පොඩි කොල්ලො ටිකක්, තරුණ නායකයෙක් එක්ක නැවතත් ක්‍රිකට් ලෝකය පුරාවට සිංහ අණසක පතුරවන්න පටන් අරන්..

මීට අවුරුද්දකට දෙකකට කලින් ලංකාවටම ගෙන්නගෙන කොදෙව්වන්ගෙන් කාපු අපි,
මීට අවුරුද්දකට කලින් එංගලන්තයේ ගිහින් විසි කැති ගහපු අපි,
අද ඕසි ගිහින් ලෝක ශූරයින්ට ගහලා මැච් එකක් ඩ්‍රෝ කරනවා.

මෑත කාලයේ ආසාවට IPL එකකට එකෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් වද්ද ගත්තේ නැති අපේ එවුන්ව උන්ගේ ටීම් වලට ගන්න අද IPL කන්ඩායම් පොර කනවා.

අද අපේ පහක් IPL ගහන්න යන්න බලාගෙන ඉන්නවා.

කාලෙකට පස්සේ වසරේ ICC සම්මාන වලට ICC  වසරේ කන්ඩායමට අපේ කොල්ලෝ නිර්දේශ වෙනවා.

කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ICC ටොප් රෑන්කින් අතර උඩින්ම ඉන්නවා.

පහුගිය කාලයේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ හුගාක් අවතක්සේරු කරපු අපි මේ පාර ලෝක කුසලානයේ වැඩිම කඩුළුලාභින් අතර වැඩිම ලකුණුලාභින් අතර හොදම දහය ඇතුලේ අපේ කොල්ලෝ ඉන්නවා.

සංගා මහේලලාගෙන් පස්සේ රටක් විදිහට ක්‍රිකට් වලින් පස්සට ගිය අපි,
ලෝකයක් තඹ දොවතුවකට ගණන් ගත්තේ නැති,
ලෝකෙටම විහිළුවක් වුනු අපේ ක්‍රිකට් එක ,
අද ආයෙමත් අපේ කොල්ලොන්ට ලෝකයේ හොද වටිනාකමක් හිමි වෙලා තියෙනවා.

රටක් විදිහට පෞඩ ඉතිහාසයක් භුක්ති විදපු අපි,
අපේ ක්‍රිකට් වල පිරිහීමත් ඒ විදිහටම දැකපු අපි,
ආයෙමත් අපේ ක්‍රිකට් එක ඉස්සරහට යනවා ඇස් දෙකෙන්ම පේනවා.

මහේල ප්‍රමුඛ ජාතික ක්‍රීඩා කමිටුවක් පත් වුනාට පස්සේ,
අරවින්ද ප්‍රමුඛ ක්‍රිකට් කමිටුවක් පත් වුනාට පස්සේ,
ප්‍රමෝද්‍ය ප්‍රමුඛ තේරිම් කමිටුවක් ආවට පස්සේ,
මිකී ආතර් ප්‍රමුඛ පුහුණුකාරී මඩුල්ලක් ආවට පස්සේ,
දසුන් ප්‍රමුඛ අලුත් කොල්ලෝ ටිකක් ආවට පස්සේ,

අපේ ක්‍රිකට් එක ආයෙමත් ලෝකයක් ඉස්සරහා හොද ඉල්ලුමක් ලැබිලා තියෙනවා.

-Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7