Cricket NewsEXCLUSIVEInternational

පකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ නිවස කොල්ලකා ඩොලර් 20,000ක් ඇතුළු විදේශ මුදල් ප්‍රමාණයක් සොරා ගෙන.,

පකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ ලාහෝර් වල පිහිටි නිවස කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ලකා තිබෙන බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තා වන අන්දමට කොල්ලකරුවන් විසින් නිවසේ ජනේලයන්ගේ ග්‍රීල් කපා නිවසට ඇතුල් වී ඇති අතර හඳුනා ගැනීමට නොහැකි වන්නට නිවසේ ආරක්ෂිත කැමරා වලටද හානි සිදු කර ඇත.

එසේම ඔවුන් ඩොලර් 20,000ක් , පවුම් 4000ක් යුරෝ 3000ක් සහ ඩිරාම් 5000ක් ඇතුලු විදේශ මුදල් කොල්ලකා ඇති බව පකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී නිවසේ කිසි කෙනෙක් නොසිටි අතර පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා හෆීස් සම්බන්ධ වී සිටින නිසාවෙන් හෆීස් සහ පවුලේ අය ඒ වනවිට ඉස්ලාම්බාද් වල රැඳී සිට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7