Cricket NewsEXCLUSIVELPL

තියුණු තරඟයක් අවසානයේ Colombo Stars කණ්ඩායම පරාජය කරමින් Jaffna Kings අඛණ්ඩව තෙවන වරටත් LPL ශුරයන් ලෙස කිරුළු පළඳියි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතර අද පැවති අවසන් මහා තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර LPL තරඟාවලියේත් ශුරතාවය ජයග්‍රහණය කිරීමට තිසර පෙරේරා ප්‍රමුඛ Jaffna Kings කණ්ඩායම සමත් වුනා.

විශේෂත්වය වන්නේ LPL තරඟාවලිය පැවති අවස්ථා 3දීම ශුරතාවය ජයග්‍රහණය කිරීමට Jaffna Kings සමත් වීමයි. එනම් LPL ඉතිහාසයේ Jaffna Kings කණ්ඩායම හැරෙන්නට වෙනත් කිසිදු කණ්ඩායමක් තවමත් LPL ශුරතාවයක් ජයග්‍රහනය කර නොමැත.

උත්කර්ෂවත් අවසන් උළෙලක් අවසානයේ අද සවස 7.30ට ආරම්භ වූ තරඟයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Colombo Stars කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Colombo Stars කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

Colombo Stars වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් වාර්තා කිරීමට සමත් වුනා. Ravi Bopara ලකුණු 47ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී තිසර, මහිෂ්, බිනුර සහ දුනිත් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 164ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Jaffna Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කල අතර සදිර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේදී Benny Howell සහ සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයකට Colombo Starsක්‍රීඩකයන් අවතීර්ණ වුවද Jaffna Kingsහි ජයග්‍රහණය උදුරා ගැනීමට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 2023 තරඟාවලියේ ශුරයන් ලෙස අභිසෙස් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7