Cricket NewsEXCLUSIVELPL

කසුන් රාජිතගේ විශිෂ්ට පන්දු යැවීමත්, චරිත් අසලංකගේ සුපිරි පිතිකරණයත් හමුවේ පසු බසින්මින් LPL ගමන හමාර කල මෙවර තරඟාවලියේ පළමු වටයේ සාර්ථකම කණ්ඩායම වූ Kandy Falcons

පෙරේදා ගාලු කණ්ඩායම පරාජය කරමින් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පළමු Qualifier තරඟයේදී පරාජයට පත් වූ Kandy Falcons සමඟින් ඊයේ කොළඹ ආර්.‍ප්‍රේමදාස ක්‍රීඩාංගාණයේ දෙවන Qualifier තරඟයට එක් විය. තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් කලම්බො ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට මුලින්ම පන්දුවට පරදීම සඳහා ආරාධනා කර සිටියේය.

තරඟයේ පළමු පන්දුවාරයේදීම තරඟයේ පාලනය සියතට ගන්නට කසුන් රාජිත සමත් වූයේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 4 ක් වන විට කැන්ඩි ආරම්භක පිතිකරුවන් දෙදෙනා හටම ප්‍රේක්ෂකාගාරයේ අසුන් වෙන් කර දෙමිනි.අගනා රිද්මයක පසුවන කමිඳු හා අශේන් කැන්ඩි ඉනිම සෙමෙන් සෙමෙන් ගොඩනගද්දී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට කලකට අමතක නොවන ගණයේ ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරන්නට කැන්ඩි නායක වනිඳු හසරංගට හැකි විය.පන්දු 34 කදී ලකුණු 77 ක් රැස් කල වනිඳුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහර අටකින් වර්ණවත් වූ අතර කාලෝස් බ්‍රැත්වෙයිට් පන්දු පහකදී ලකුණු 15 ක් රැස් කරමින් කැන්ඩි ෆැල්කන්ස් ඉනිම අභියෝගාත්මක ලකුණු පුවරුවක් කරා මෙහෙයවීය.කඩුලු 6 ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 168 ක් රැස් කලේය.කලම්බු ස්ටාර්ස් පිල වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක් තමන්ගේ නම ඉදිරියෙහි ලියාගත් කසුන් රාජිත ලකුණු 20 ට කඩුලු 4 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ඉක්මනින් දවාගන්නට සමත් වූ නමුත් ඉන් අනතුව පිටියට එක්වූ චරිත් අසලංක හා දිනේෂ් චන්දිමාල් ලකුණු 90 ක අගනා සබඳතාවයක් ගොඩනමගින් සියකුළුඳුල් LPL අවසන් මහා තරඟය සඳහා මූලික අඩිතාලම සකස් කලේය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 40 කදී ලකුණු 64 ක් රැස් කරන්නට චරිත් අසලංක සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් හා හතරේ පහර 7 ක් අන්තර්ගත විය.ඉනිමට සුපුරුදු පරිදි සාර්ථක අවසානයක් එක් කරන්නට රවී බොපාරාට හා ඇන්ජලෝ මැතිව්ස්ට හැකිවූ අතර පන්දුවාර 18 කුත් පන්දු 5 ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.

පළමු වටයේ සාර්ථකම කණ්ඩායම වෙමින් තරඟාවලියට සාර්ථක ආරම්භයක් එක් කරගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ඊයේ තරඟාවලියෙන් ඉවත් වන්නට සිදුවිය.තරඟයේ වීරයා ලෙසින් කසුන් රාජිත සම්මාන දිනාගත් අතර ලංකා ප්‍රිමියර් ලීග් තෙවන සංස්කරණයේ අවසන් මහා තරඟයේදී අද කොලම්බු ස්ටාර්ස් සමඟින් ජැෆ්නා කිංග්ස් කණ්ඩාම තරඟ වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7