Cricket NewsEXCLUSIVEInternational

ජේම්ස් ඇන්ඩසන් ටෙස්ට් කඩුලු 700 යි

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින වයස්ගතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් අද සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. ඉන්දියාවේ ධරම්ශාලා නුවරදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කුල්දීප් යාදව් දවාගනිමින් ඇන්ඩසන් සිය 700 වැනි කඩුල්ලට හිමිකම් කීවේය. 

ඇන්ඩසන් ටෙස්ට් කඩුලු 700 කඩයිම පසුකළ ලොව තුන්වැනි ක්‍රීඩකයා වන අතර එකම වේග පන්දු යවන්නාද වෙයි. ඇන්ඩසන්ට පොරතුව ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (800) සහ ඕස්ටේ්‍රලියාවේ ෂේන් වෝන් (708) ටෙස්ට් කඩුලු 700 කඩයිම පසුකළහ. මේ වන විට 41 හැවිරිදි වියේ පසුවන නමුත් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් කිසිම ඉඟියක් ඇන්ඩසන් පළකර නැත.

සම්මත ආකාරයෙන් වේග පන්දුව දෝලනය කිරීමටත් පන්දුව පරණ වීමත් සමගින් එය නොපිටට දෝලනය කිරීමටත් කීර්තියක් උසුලන ජේම්ස් ඇන්ඩසන් සෙසු වේග පන්දු යවන්නන් මෙන් පිටියේ ඈත කෙළවරේ පන්දු රකින්නෙකු නොවේ. ඔහු ස්ලිප් හි සිටිමින් විශිෂ්ට උඩපන්දු රකින්නෙකි. මේ දක්වා ටෙස්ට් තරග 187 කට සහභාගි වී ඇති ඇන්ඩසන් විසින් රැකගන්නා ලද උඩපන්දු සංඛ්‍යාව 107 කි.

මෙම ටෙස්ට් කඩුලු 700 දවාගන්නා අතරේ ඉනිම 32 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගනු ලැබ සිටින ඇන්ඩසන්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 26.52 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button