Cricket NewsEXCLUSIVELPL

“ජනිත් ලියනගේ, අනිවාර්යෙන්ම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ⁣නියෝජනය කරාවි” – ප්‍රවීණ විස්තර විචාරක ඩැරන් ගංගා.!

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ හොඳම සොයාගැනීම ලෙස අවිවාධයෙන් ම නම් කිරීමට හැකි ක්‍රීඩකයා වනුයේ ජනිත් ලියනගේ ය.

මුල් පෙල පිතිකරුවෙකු ලෙස සාර්ථක පළමු පෙල තරඟවාරයක් ගත කල ජනිත් මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල ජයන්ට්ස් පිල සමඟ අත්වැල් බැඳගත් අතර මුල් තරඟ කිහිපයේදී ජනිත් හට ක්‍රීඩා කරන්නට අවස්ථාවක් නොලැබුනි.

අවසන් තරඟ තුන තුලදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් LPL.වරම් දිනාගත් ජනිත් තරඟ තුනක් තුල ලකුණු 107 ක් තම ලකුණු ගිණුමට බැර කර ගත්තේ අර්ධ ශතක දෙකක් ද සමඟිනි.

නවක ක්‍රීඩකයෙකු ලෙසින් පිටියට පිවිසි ඔහු අවසානයේදී ඉනිමකට නැංගුරම බවට පරිවර්තනය වෙමින් තමන් තරඟ සාර්ථකව අවසන් කරන්නෙකු බව පෙන්වීමට තමන්ට ලද අවස්ථාවෙන් ජනිත් හට හැකියාව ලැබුණි.

ජනිත් ලියනගේ මෙවර LPL තරඟාවලියේ තවත් සොයාගැනීමක් ලෙසට සඳහන් කරමින් ප්‍රවීන විස්‍තර විචාරක ඩැරන් ගංගා සිය ට්විටර් ගිනුමේ සටහක් තබමින් පවසා සිටියේ”ජනිත් ලියනගේ, ඔබ ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවා දැකීම ගැන මම සතුටු වෙනවා” යනුවෙනි.

මෙවන් තරඟාවලි තුලින් දේශීය පිතිකරුවන් හට ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි අත්දැකීම් තුලට ඔවුන්ව කැඳවාගෙන යාම සැබැවින්ම ප්‍රශංසනීය වන අතර මෙවර තරඟාවලියේ හොඳම සොයාගැනීම් අතරට ඉහළින්ම එකතු වන නාමය බවට ජනිත් ලියනගේ දැනටමත් පත් වි ඇත.

ප්‍රවීණ විස්තර විචාරක ඩැරන් ගංගා තැබූ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7