Cricket NewsEXCLUSIVELPLPremier League

LPL සොයා ගත් සුපිරි තරුව ගැන මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය කියපු අමුතු කතාව – මෙතනින් කියවන්න

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාවේ අවසන් තරග කිහිපයට මේ වන විට කෙමෙන් කෙමෙන් ළං වී තිබෙනවා.

මේ අතර තරඟ තුනකට සහබාගී වී ඉන් තරඟ දෙකකදීම අර්ධ ශතක වාර්තා කරමින් සිය පළමු LPL තරඟාවලිය අමතක නොවන තරඟාවලියක් බවට පත් කරගන්නා ජන්ත් ලියනගේ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා අදහස් දක්වා සිටියා.

එහිදී සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටි අදහස පහතින්

“ජනිත් ලියනගේ ගේම් එක ගහන්නෙ හරිම ස්මාර්ට් විදියට. එද කොළඹ කණ්ඩායම එක්ක ගහපු ඉනිම මං කාලෙකින් දැක්කන් හොද ඉනිමක්, මොකද ප්‍රෙශර් එක තියෙන වෙලාවක ගැහුවෙ.

හැබැයි මිනිහා සිංගල් එකක් දානව, බවුන්ඩ්‍රියක් ගහනව.එයාගෙ මාර එක්ස්පීරියන්ස් එකක් දැක්කා.මං මීට කලින් එයාව දැකලා තිබ්බෙත් නෑ ඇත්තටම.

මේ LPL එකෙන් වෙන හොද දෙයක් තමා ඩොමෙස්ටික් තරග වල පර්ෆොම් කරපු කොල්ලන්ට ඇවිල්ලා මම හොද ප්ලේයර් කෙනෙක් කියලා පෙන්නලා මැච් එකක් දිනලා දෙන්න පුලුවන් කියලා පෙන්නන එක ගොඩක් හොද දෙයක්.”

May be an image of 1 person, standing and text that says 'GIANTS'

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button