Cricket NewsEXCLUSIVELPL

දියාරු වී තිබු Colombo Stars හට නව ජීවයක් දෙමින් LPL තරඟාවලියේ කණ්ඩායමක් හිමිකරගත් පළමු හා එකම ශ්‍රී ලාංකීය ආයතනය.!

පසුගිය දා Kandy Warriors හා Colombo Stars අතර පැවැති තීරණාත්මක තරඟය ජයග්‍රහණය කරමින් Play off වටයට පිවිසුණු Colombo Stars කණ්ඩායමට Play off හිදි Dambulla Giants සමග තරඟයෙන් ලැබු පරාජයත් සමග තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වූවා.

කෙසේ නමුත් ක්‍රිඩක වෙන්දේසියේදි පවා ඉතා දියාරු ස්වරූපයක් ගෙන තිබුනු Colombo Stars කණ්ඩායමේ ඇතැම් තීරණ සමාජ මාධ්‍යයේ පවා විවේචනයට ලක් වූ අතර මේ අතර වාරයේ Colombo Stars පිලේ ඉරණම වෙනස් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් ආයතනය Colombo Stars කණ්ඩායම මිලදී ගනු ලැබූ අතර Colombo Stars කණ්ඩායමේ හැරවුම් ලක්ෂ්‍යද එය වූවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක කෙටුම්පත් කිරීම වන විට Colombo Stars හිමිකාරීත්වය දැරුවේ මර්ෆාඩ් මුස්තාෆා විසිනි.

එහිදී තෝරාගත් Colombo Stars සංචිතය සුපිරි දස්කම් අතර රැඳෙන සංචිතයක් දක්වා හාත්පසින්ම වෙනස් සංචිතයක් බවට පත් වූයේ නවහිමි කාරීත්වය යටතේදීය.

එවර ක්‍රීඩක වෙන්දේසියේදි අලෙවි නොවූ ක්‍රීඩකයන් නව හිමිකාරීත්වය යටතේ කොළඹ කණ්ඩායම මිලදී ගත්තේය.

ඔවුන් දක්ශතා අතරට පිවිසීම මත කණ්ඩායම සම්පූර්ණයෙන්ම රඳා පැවති අතර Softlogic ගත් එම අවධානමට සම්පුර්ණ සාධාරණක් ඉටු කරමින් ක්‍රිඩා කිරීමට එම ක්‍රිඩකයන්ට හැකි විය.

ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා , දිනේශ් චන්දිමාල් , කුසල් පෙරේරා , ජෙෆ්‍රි වැන්ඩසේ කිසිම කණ්ඩායමකින් මිලදී නොගත් ක්‍රීඩකයන් වූ අතර පසුව ඔවුන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම මත නව හිමිකරුවන් විසින් Colombo Stars කණ්ඩායම මිලදී ගත්තේය.

තරඟාවලිය ආරම්භයේ සිටම වඩාත් සාධනීය දස්කම් දක්වන්නට ඔවුන්හට අවකාශය ලැබුණි.

බොහෝ තරඟ වල ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධක වන්නට එම ක්‍රීඩකයන් හට අවකාශය ලැබුණු අතර ලීග් ක්‍රිකට් කණ්ඩායමක ගුණාත්මක බව කෙරෙහි වැඩි දායකත්වයක් ඔවුන්ගෙන් ලැබුණි.

කුසල් ජනිත් සුපුරුදු දක්ශතා අතරට පිවිසීම, ධනංජය ද සිල්වා ගේ තුන් ඉරියව් දක්ශතා, දිනේශ් චන්දිමාල් මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීම(CS තරඟාවලියෙන් ඉවත් වන විට) හා ඇන්ජලෝ මැතිව්ස් නම් සුපිරි නායකයා යටතේ දස්කම් දක්වන්නට ඔවුන් හට අවකාශය උදා වූයේ අත්තනෝමතික ලෙස තම අභිරුචි ක්‍රීඩකයන් මිලදී ගැනීම නිසා මර්ෆාඩ් මුස්තාෆා හට හිමිකාරීත්වය අහිමි වී යාම නිසාය.

සමාජ මාධ්‍ය තුල වැඩිම වශයෙන් විවේචනය වූ ක්‍රීඩකයන් සිටියේද ඔවුන් සතුවය.

නමුත් අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා දස්කම් දක්වන්නට ජෙෆ්‍රි වැන්ඩසේ හා දිනේශ් චන්දිමාල් සමත් වූයේ මෙකී නව හිමිකාරීත්වය යටතේ මනාව සිදු කරන ලද ක්‍රීඩක කලමණාකාරීත්වය යටතේ වීම විශේෂත්වයකි.

අශෝක් පතිරගේ වැනි දේශීය හිමිකරුවන්හට කණ්ඩායම් හිමිවීම තුලින් ෆ්‍රැන්චස් ක්‍රිකට් තරඟාවලි තුල කණ්ඩායමක ඉරණම මෙන්ම ගුණාත්මක බවද රඳා පවතින බව ඔප්පු වඋ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට නවමු අත්දැකීමක් තිළිණ කරන්නට සොෆ්ට්ලොජික් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් එක්වීම සැබැවින්ම ප්‍රශංසනීය ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button