Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කලැයි එංගලන්තය ජේසන් රෝයිහට පවුම් 2,500ක දඩයක් ගසයි.!

ආරම්භක පිතිකරුවෙකු ලෙසින් එංගලන්තය වෙනුවෙන් සීමිත පන්දුවාර ආකෘතියේ සිටින වඩාත් ස්ථාවර මෙන්ම විශේෂඥ පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ජේසන් රෝයි හට ආන්දෝලනාත්මක අන්දමින් දඬුවම් පනවා තිබේ.

එංගලන්ත හා වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය රෝයි හට දඬුවම් පැනවීමේ හේතුව ප්‍රසිද්ධ මාධ්‍ය තුල සඳහන් නොකිරීම රෝයිට පැනවූ දඬුවමේ විනිවිධභාවය ප්‍රශ්නාර්ථයකට ලක් කර තිබෙන ආකරය පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් ECB සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි හට පවුම් 2,500 ක දඩයක් සහ තරඟ දෙකක අත්හිටවූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

රෝයිට එරෙහිව පැනවූ තරග දෙකක තහනම ඔහුගේ යහපත් හැසිරීම මත මාස 12 කට අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය කටයුතු යොදා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ”ක්‍රිකට් ක්‍රීඩාවේ අභිලාෂයන්ට අගතියක් විය හැකි හෝ ක්‍රිකට් ක්‍රීඩාවට ඉදිරියට ගෙන යා නොහැකි ආකාරයෙන් හැසිරීමේ චෝදනාව පිළිගැනීමෙන් පසු ක්‍රිකට් විනය කොමිසම විසින් පත්කළ විනය මණ්ඩලයක් විසින් ජේසන් රෝයිට මෙම දඩුවම් දුන්නා.

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ 3.3 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අපකීර්තියට පත් වුනා.”‍ යනුවෙනි.

පසුගිය ජනවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති විස්සයි20 තරඟාවලියට අවසන් වරට එංගලන්තය නියෝජනය කළ රෝයි මෙම වසරේ ජුනි මාසයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියේ තේරීම් සඳහා එක්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button