Cricket NewsEXCLUSIVEIPL

“වනිඳු හසරංග කියන්නෙ විස්සයි-20 පිටියේ ඉහළින්ම සිටින පන්දු යවන්නෙක්, ඔහු නිසැකවම RCB ශක්‌තිමත් කරාවි” – RCB නායක FAF

වත්මන් විස්සයි විස්ස ලීග් පිටියේ මූල්‍යමය අතින් මෙන්ම ගුණාත්මක බව අතින්ද ඉහළින්ම තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වටිනාම විදෙස් ක්‍රීඩකයින් අතරට වනිඳු හසරංග මෙවර එක්විය.

ඉන්දීය රුපියල් කෝටි 10.7 කට වනිදු හසරංග මිලදී ගෙන තිබුණේ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසිනි.

වනිඳු හසරංග පාදඟ පන්දු යවන්නෙකු හා නොම්මර 7 හෝ 8 වැනි ස්ථානයක පිතිකරණයේ යෙදිය හැකි පිතිකරුවෙක විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටි වනිඳු මිලදී ගැනීමට ප්‍රමුඛතම හේතුව වූයේ ඒ බව බැංග්ලෝර් ප්‍රධාන පුහුණු කරු සංජේ බංගාර් මීට පෙර සඳහන් කර තිබුණි.

මෙවර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සතු ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග පිළිබඳ වත්මන් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් සඳහන් කර සිටියේ වනිඳු ඔවුන් අපේක්ෂා කරමින් සිටි ගණයේ නොම්මර 7 හෝ 8 වැනි ස්ථානයක යෙදවිය හැකි පිතිකරුවෙකු බව ඔහු සඳහන් කර සිටියේය.

“වනිඳු හසරංග කියන්නෙ විස්සයි විස්ස පිටියේ ඉහළින්ම සිටින පන්දු යවන්නෙක්. එමෙන්ම මැද පෙල ශක්තිමත් කිරීමට හැකි ක්‍රීඩකයෙක්. මෙවර තරඟාවලියේදී RCB කණ්ඩායම ඔහුගෙන් බොහෝ සේවාවන් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඩු ප්ලෙසිස් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button