Cricket NewsEXCLUSIVEWoman Cricket

තරුණ කාන්තා ක්‍රිකට් තරු සොයා යන ගමනේ, තරුණ ක්‍රීඩිකාවන් රැසක් සුපිරි දස්කම් දක්වමින් සිය කණ්ඩායම් ජයග්‍රහණය කරවයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඊයේ (23) ආරම්භ වූ අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නාවික හමුදාව, සීනීගම, ගුවන් හමුදාව “A” සහ යුද හමුදා ‘A ’ කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වුනා.

නාවික හමුදාව ලකුණු 178කින් ගුවන් හමුදා “B” කණ්ඩායමද සීනිගම ලකුණු 93කින් චිලව් මේරියන්ස්ද ගුවන් හමුදා “A ” ලකුණු 191කින් යුද හමුදා “B” ද යුද හමුදා “A ” කඩුලු 9කින් කොල්ට්ස් ද පරාජය කළා.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරුණාරත්න මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට මෙදින සමත් වූ අතර සීනිගම නායිකාව කවිෂා දිල් සහ ගුවන් හමුදා “A” කණ්ඩායමේ චමරි පොල්ගම්පල තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට මෙදින සමත් විණි.

නාවික හමුදාව VS ගුවන් හමුදාව “B” තරඟය

නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී නාවික හමුදාවේ හංසිමා කරුණාරත්න ලකුණු104ක් රැස් කරමින් වාර්තා කරන ලද විශිෂ්ට ශතකයත් උදේශිකා ප්‍රබෝදිනිගේ සහ ශෂිකලා සිරිවර්ධන පන්දුවෙන් දැක්වූ දක්ෂතා මත ඔවුන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 178කිනි.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරණාරත්න පන්දු 123කට මුහුණ දී හතරේ 11ක් සමග ලකුණු 104ක්ද නායිකාව හර්ෂිතා සමර වික්‍රම පන්දු 79කදී හතරේ හතරක් සමග ලකුණු 58ක්ද රැස් කළ අතර මොවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ සබඳතාවය 92කි.

නාවික හමුදාව – 251/5 (50)

හංසිමා කරුණාරත්න 104,
හර්ෂිකා සමරවික්‍රම 58,
ප්‍රසාදිනි වීරක්කොඩි 38,

උසානි රුවන්තිකා 26/3

ගුවන් හමුදාව “B” – 73/10 (25.4) –

සුරංගිකා පෙරේරා 23,
මල්කි මදාරා 16,

උදේශිකා ප්‍රබෝධනි 12/3,
ශෂිකලා සිරිවර්ධන 13/3,
ඉනෝකා රණවීර 13/2

සීනිගම VS චිලව් මේරියන්ස් අතර තරඟය

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මේ තරයේදී සීනිගම කණ්ඩායම කඩුලු 5කට ලබාගත් ලකුණු 240ට පිළිතුරු ලෙස චිලව් මේරියන්ස් ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පන්දු 63කදී ලකුණු 60ක සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුවත් ඔවුන්ගේ දැවී යෑමත් සමඟ තරගයේ සියලු වාසි සීනිගම කණ්ඩායම වෙත දෝලනය වුනා.

චමරි ලකුණු 66ක් රැස් කල අතර විශ්මි ලකුණු 18ක් රැස් කළා.

සීනිගම නායිකාව කවිෂා දිල්හාරි පන්දු 75කදී හතරේ පහර 12ක් සමග ලකුණු 91ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 39කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් වූවා.

සීනිගම – 240/5 (50) –

කවීෂා දිල්හාරී 91,
පියුමි වත්සලා 50*,
නවෝද්‍යා නෙත්මිණි 36,

මල්ෂා මධුෂි 13/1 ,
කෞෂල්‍යා ජයවර්ධන 20/1

චිලව් මේරියන්ස්147/10(28.2)

චමරි අතපත්තු 66,
මල්ෂා මධුෂානි 14,
ජනාදී අමාලි නොදැවී 14,

කවීෂා දිල්හාරි 39/4,
සචිනි නිසංසලා 41/4

ගුවන් හමුදා “A” VS ගුවන් හමුදා “B” තරඟය

කටුනායක පැවති මේ තරගයේදී ගුවන් හමුදා “A” කණ්ඩායමේ චමරි පොල්ගම්පල ලකුණු 82ක් රැස් කර පසුව ලකුණු 8කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දැක්වූ දක්ෂතා මත ගුවන් හමුදා “A” කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන්නියන් වන චමරී පොල්ගම්පල පන්දු 102කදී හතරේ 12ක් සමග ලකුණු 82ක්ද ඕෂදී රණසිංහ පන්දු 61කදී හතරේ 10ක් සමග ලකුණු 71ක්ද රැස් කළහ.

ගුවන් හමුදාව “A” – 272/7 (50) –

චමරි පොල්ගම්පල 82,
ඕෂදී රණසිංහ 71,
දුලානි මන්දනා 41 ,
මල්ෂා ෂෙහානි 30,

සචිනි ද සිල්වා 28/2,
මදාරා සමරකොන් 30/2,
සචිනි ද සිල්වා 30/2

ගුවන් හමුදා “B” – 81/10 (44.2) –
අපේක්ෂා චන්ද්‍රසිරි 15,
දිනුෂා සමරකෝන්14,

චමරි පොල්ගම්පල 8/3,
අමා කාංචන 13/2)

කෝල්ට්ස් VS යුද හමුදා “A” තරඟය

පානාගොඩ පැවති මේ තරගයේදී යුදු හමුදා “A” කණ්ඩායමේ ගනේෂා චමරි ලකුණු හතකට කඩුලු හයක්ම දවාලීමට සමත්වීම නිසා ප්‍රබල කොල්ට්ස් ක්‍රීඩා සමාජ ඉනිම ලකුණු 45කට සීමාවිණි. යුද හමුදාව මේ තරගයෙන් ජය ලැබුවේ පන්දුවාර 36.1ක්ම ඉතිරිව තිබියදීය.

කොල්ට්ස් – 45/10 (32.4)

ඒ ජන කාන්ති මාලි 10,
වරුනි සුබසිංහ 09,

ගනේෂා චමරි 7/6,
අචිනි කුලසූරිය 9/2

යුද හමුදා “A” – 46/1 (13.5)

අනුෂික සංජීවනි නොදැවී 16,
රෝෂිනි පෙරේරා 12,

නිමාෂ මධුෂානි 21/1 යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7