Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානයට සුදානම් කර ගැනීමේ අරමුණින් Jasprit Bumrahව ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලියෙන් ඉවත් කරයි.!

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah එළැඹෙන ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගි නොකිරිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

මීට පෙර Jasprit Bumrah ශ්‍රි ලංකාව සමග එක්දින තරගාවලියට සහභාගි වෙන බවට තොරතුරු වාර්තා වුවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ආබාධයකින් පසු ඔහුගේ නැවත පැමිනීම ඉක්මන් නොකිරිමට තීරණය කල බවයි.

දෙරට අතර පැවති විස්සයි-20 තරඟාවලිය 2-1ක් ලෙස සත්කාරක ඉන්දියාව ජයගත් අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව සහබාගි වන ඉන්දීය සංචිතය පහතින්

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7