Cricket NewsEXCLUSIVE

දුර්වල විනිසුරු තීරණය නිර්මාණය කල අවාසිදායක තත්වය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 3 ක පරාජයක් ! වසර ගණනකට පසු කණ්ඩායමට ආ කමිඳුගෙන් විශිෂ්ඨ ඉනිමක් !

සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තෙවැනි තරඟය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී ලකුණු 3 ක තියුණු ජයක් ලැබූ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය ජයගැනීමට සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන පිල නියමිත පන්දුවාර 20 තුල ලකුණු 209 ක් රැස් කරන්නට සමත් විය.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 70 ක් රැස් කිරීමට සමත් වූ අතර හස්රතුල්ලා සසායි ලකුණු 45 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණයි.

වසර කිහිපයකට පසුව විස්සයි විස්ස කණ්ඩායම හා එක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 39 කදී ලකුණු 65 ක් නොදැවී රැස් කලේ හතරේ පහර 7 ක් හා හයේ පහර දෙකක් සමඟින්.

තරඟයේ අවසන් තීරණය වෙනස් වීම කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධකය බවට පත් වූයේ 20 වැනි පන්දුවාරයේ යොමු කල තෙවැනි පන්දුව නිපන්දුවක් ලෙසට සටහන් කිරීමයි.

කෙසේ නමුත් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරඟය ලකුණු 3 කින් ජයගන්නට ඇෆ්ගනිස්තානය සමත්වූ නමුත් තරඟාවලිය 2-1 ක් ලෙසින් ජයගත්තේ ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
7
+1
1
+1
4
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button