Cricket NewsEXCLUSIVEInternational

දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව ඉදිරියේ 3-0ක් ලබන්නට ගිය අපකීර්තිමත් තරඟාවලි පරාජයකින් අවසන් මොහොතේ බේරෙයි.!

වසර හයකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් දකුණු අප්‍රිකානුවෝ ඕස්ට්‍රේලියාව හමුවේ ලබන්නට ගිය 3-0 ක සම්පූර්ණ තරඟ පරාජයෙන් ගැලවීමට සමත් වුනා.

සිඩ්නි පිටියේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 220 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානුවෝ තරගයේ අවසන් දිනය වූ ඊයේ (08) දිනය නිමාවේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියා.

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් වුනා.

2017 සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරග 47 කට පසුව, දකුණු අප්‍රිකානුවෝ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ. මේ අතරවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති තරග දෙකක් ද ඔවුන් පරාජය වුනා.

“ඕස්ට්‍රේලියානු සංචාරයක් කියන්නේ ඉතාමත් අසීරු එකක්. මීට ඉස්සරවෙලා ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරලා තියෙන්නේ අපේ කණ්ඩායමෙන් තුන්දෙනෙක් විතරයි. ඒ නිසා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා, මම කොල්ලන්ට කිව්වේ පුළුවන් විදිහට සටනක් දීලා අන්තිම දවස බේරාගන්න කියලයි” යයි දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගා තරගයෙන් පසුව පවසා සිටියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 195 ක් ලබාගත් උස්මන් කවාජා තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. මෙල්බර්න් තරගයේදී විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබාගත් ඩේවිඩ් වෝනර් තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7