Cricket NewsEXCLUSIVEInternational
වසර 28ක් පැරැණි ලෝක වාර්තාවක් ජයිස්වාල් සම කරයි

ඉන්දීය ටෙස්ට් පිලේ නැඟී එන සුපිරි තරුව බවට පත් වූ ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් වසර 28ක් පැරැණි ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය. ඔහු මේ වාර්තාව තැබුවේ සංචාරක එංගලන්ත පිලට එරෙහිව ඉන්දීය පිලට ලකුණු 434ක දැවැන්ත ජයක් හිමිකර දෙමින් පෙරේදා රාජ්කෝට් නුවරදී නිමාවට පත් වූ තුන්වැනි ටෙස්ට් තරගයේදීය. එහිදී ඉන්දීය දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 214ක් රැස් කළ මේ 22 හැවිරිදි වමත් පිතිකරුවා හයේ පහර 12ක් එල්ල කරමින් සමකරනු ලැබුවේ 1996 වසරේදි වසීම් අක්රම් සිම්බාබ්වේ පිලට එරෙහිව තැබූ ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1