Cricket NewsEXCLUSIVEIPL

IPL 2022 තරඟාවලියේ සිය දෙවන ශතකය වාර්තා කරමින් KKR පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ Jos Buttlerගේ ගිණිකෙලි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 30වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Rajasthan Royals සහ Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරඟය මේ වන විතර පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 217ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ සිය දෙවන ශතකය රැස් කරමින් පන්දු 61ක් ලකුණු 103ක් රැස් කිරීමට Jos Buttler සමත් වුනා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් වුනා.

මේ වන විට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වන Orange Cap එකද පළඳිනු ලබන්නේ Jos Buttler විසිනුයි.

Jos Buttlerගේ ඉනිමේ සුවිශේෂී අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7